Sri Lanka Brodcasting Corporation

Mon12112017

Last updateMon, 11 Dec 2017 10am

විදෙස් පුවත්

ඊශ්‍රායල අගනුවර පිළිබඳව සාකච්ඡා කිරීමට ජගත් ආරක්ෂක මණ්ඩලය හෙට රැස්වෙයි.

ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගැනීමට ඇමෙරිකාව ගෙන ඇති තීරණය පිළිබඳව සාකච්ඡා කිරීමට එක්සත් ජාතින්ගේ ආරක්ෂක මණ්ඩලය හෙට රැස්වෙයි.  ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට හදිසි රැස්වීමක් කැදවන්නැයි ආරක්ෂක මණ්ඩලයේ සාමාජික රටවල් 15 න් 08 ක්ම ඉල්ලීම් කර තිබිනි.  ඇමෙරිකානු තීරණය පිළිබඳව සාකච්ඡා කිරීමට අරාබි ලීගය ලබන සෙනසුරාදා රැස්වෙයි.  ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ගෙන ඇති තීරණය මේ වනවිට රටවල් ගණනාවක හෙලා දැකීමට ලක්ව තිබේ.   සෞදි අරාබිය පැවසුවේ එම තීරණය අසාධාරණ හා වගකීම් විරහිත එකක් බවයි. ප්‍රංශය හා බ්‍රිතාන්‍යය එම තීරණයට කිසිසේත් සහාය නොදෙන බව අවධාරණය කර තිබේ.  එහෙත්. ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතනියාහු මහතා එය ඓතිහාසික තීරණයක් ලෙස හදුන්වයි.  පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් මහතා එම තීරණය ප්‍රතික්ෂේප කර ඇති අතර බටහිර ඉවුරේ හා ගාසා තීරයේ සිටින පලස්තීන ජාතිකයන් ඊට එරෙහිව විරෝධතාවල නිරතවීමට නියමිතයි.

විශේෂාංග පුවත්

 

දේශීය පුවත්