Sri Lanka Brodcasting Corporation

Mon12112017

Last updateMon, 11 Dec 2017 10am

විදෙස් පුවත්

ඊශ්‍රායල අගනුවර ජෙරුසලම යැයි අමෙරිකාව ප්‍රකාශ කිරීමත් සමග රටවල් රැසක් කැලඹේ

අමෙරිකානු ජනාධිපතිවරයා ඊශ්‍රායල අගනුවර ජෙරුසලම බව ප්‍රකාශ කිරීමත් සමග මැද පෙරදිග රටවල් සහ ජාත්‍යන්තර සංවිධාන රැසක්ම කැලඹීමට  පත්ව තිබේ. ඒ පිළීබඳව සාකච්ඡා කිරීමට එක්සත් ජාතින්ගේ සංවිධානයේ ආරක්‍ෂක මණ්ඩලයේ විශේෂ රැස්වීමක් හෙට පැවැත්වේ.  ආරක්‍ෂක මණ්ඩලයේ රටවල් 15 න් 8 ක්ම ඊට සහභාගී වෙයි.  බ්‍රිතාන්‍ය සහ ප්‍රංශයද අමෙරිකානු ජනාධිපතිවරයාගේ ක්‍රියා පිළිවෙත සම්බන්ධයෙන් අප්‍රසාදය පලකොට ඇත.  ඇතැම් රටවල් පෙන්වා දෙන්නේ එම ක්‍රියාවලිය නිසා පලස්තින ඊශ්‍රායල සාම සාකච්ඡා බිද වැටෙන බවයි.  අමෙරිකානු ජනාධිපතිවරයාගේ නව තීරණයත් සමග අමෙරිකානු තානාපති කාර්යාලය ජෙරුසලම වෙත රැගෙන යනු ඇතැයි වාර්තාවෙයි.  මේ අතර සෞදිඅරාබිය මෙම තිරණය දැඩි ලෙස හෙලාදැක තිබේ. කෙසේ වුවත් ඊශ්‍රායල් අගමැති බෙන්ජිමින් නෙතන්යාහු මහතා පැවසුමේ මෙය තම රටට ඵෙතිහාසික දිනයක් බවයි.  ජෙරුසලම් නගරය. යුදෙව්. ඉස්ලාම්. සහ ක්‍රිස්තියානි භක්තියකයන්ගේ පුජනීය ස්ථානයක් ලෙස වන්දනාමානයට පාත්‍රවී තිබේ.

විශේෂාංග පුවත්

 

දේශීය පුවත්