Sri Lanka Brodcasting Corporation

Mon12112017

Last updateMon, 11 Dec 2017 10am

විදෙස් පුවත්

පලාත් පාලන මැතිවරණය පෙබරවාරි මාසයේදී පැවැත්වීමට හැකිවන බව ෆයිසර් මුස්තාපා අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී යලි අවධාරණය කරයි

. අයවැය කාරක සභා අවස්ථාවේ දහසය වන දිනය අදයි. ජාතික සහජීවනය සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශය. කදුරට නව ගම්මාන. යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය . බන්ධනාගාර ප්‍රතිසංස්කරණ. පුනරුත්ථාපන. නැවත පදිංචි කිරීම් හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල වැය ෂීර්ශ පිලිබදව අද දිනයේදී සාකච්ඡා කෙරේ. ස්වදේශ කටයුතු . රාජ්‍ය පරිපාලන හා කලමණාකරණ. පලාත් සභා හා පලාත් පාලන යන අමාත්‍යාංශවල වැය ෂීර්ශ පාර්ලිමේන්තුවේදී ඊයේ සම්මත විය. පලාත් පාලන මැතිවරණය පෙබරවාරි මාසයේදී පැවැත්වීමට හැකිවන බව එහිදී අදහස් දැක්වූ ෆයිසර් මුස්තාපා අමාත්‍යවරයා පැවසීය. රජයේ මැදිගත්වීමෙන් ග්‍රාමීය සංවර්ධන කටයුතු රැසක් ක්‍රියාත්මක කර තිබේ. ප්‍රාදේශීය පාරිපාලන ආයතන 101 ක් සංවර්ධනය කොට ඇත. මානව සම්පත් සංවර්ධනයටද සැලසුම් කර තිබේ. පලාත් පාලන ආයතනවල නෛතික තත්ත්වය සංශෝධනයටද පියවර ගන්නා බව ඇමතිවරයා පැවසීය.
පළමු වරට ග්‍රාම නිළධාරීන්ට විදෙස් පුහුණුවක් ලබාදීමට රජය කටයුතු යොදා ඇතැයි වජිර අබේවර්ධන අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී පැවසීය. රාජ්‍ය නිළධාරීන් සදහා අවශ්‍ය පහසුකම් රැසක් ලබාදීමට රජය පියවර ගෙන තිබේ.

විශේෂාංග පුවත්

 

දේශීය පුවත්