Sri Lanka Brodcasting Corporation

Thu02222018

Last updateWed, 21 Feb 2018 6pm

විදෙස් පුවත්

ඉරාන ජනාධිපතිවරයා භූමිකම්පාව සිදුවු ප්‍රදේශයේ සංචාරයක

භූමිකම්පාවෙන් අවතැන්වු ඉරාන ජාතිකයෝ දහස් ගනනක් ඊයේ දෙවන දිනටත් හිසට සෙවනක් නොමැතිව අධික ශිතලෙන් පිඩා විඳිමින් එළිමහනේ ගතකලහ.  භූමිකම්පාවෙන් වැඩිම හානියක් සිදුවුයේ ඉරානයේ කෙමන්ෂා ප්‍රදේශයටයි.  එහි නිවාස රැසක් මුඑමනින්ම විනාශ විය.  අවතැන් වුවන්ට ආධාර ලබාදිම සඳහා ඉරාන රජය දැඩි උත්සාහයක නිරතව සිටී.  ඉරානය භූමිකම්පාවෙන් මියගිය අය වෙනුවෙන් අද ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.  ඉරාන ජනාධිපති හසන් රවුහානි මහතා භූමිකම්පාව සිදුවු ප්‍රදේශයේ සංචාරයක නිරතවිය.  ඉරාන ඉරාක දේශ සිමාවේ පසුගිය ඉරිදා සිදුවු භූමිකම්පාවෙන් සිදුවු මරණ සංඛ්‍යාව මේ වන විට 430 දක්වා ඉහළ ගොස් තිබේ.

විශේෂාංග පුවත්

 

දේශීය පුවත්