Sri Lanka Brodcasting Corporation

Wed11222017

Last updateWed, 22 Nov 2017 1pm

විදෙස් පුවත්

ඉන්දියාවේ හයිද්‍රබාද් යාචකයන්ගෙන් තොර නගරයක් බවට පත්කෙරේ

ඉන්දියාවේ හයිද්‍රබාද් නගරය ලබන මස 15 වැනිදායින් පසු යාචකයන්ගෙන් තොර නගරයක් බවට පත් කිරීමේ වැඩපිළිවෙලක් ඇරඹේ.  ඒ යටතේ යාචකයන් පිළිබද තොරතුරු ලබා දෙන ඕනෑම අයෙකුට රුපියල් පන්සියක මුදලක් ලබා දීමට හයිද්‍රබාද් බලධාරීන් පියවර ගෙන තිබේ.  නගරයේ පොලිස් කොමසාරිස්වරයා  එහි සිගමන් යැදීම මාස දෙකක කාලයක් සදහා තහනම් කර ඇත. මෙම වැඩපිළිවෙල යටතේ නගරයේ රැදී සිටින යාචකයෝ පුනරුත්තාපන මධ්‍යස්ථානයක් වෙත යොමු කෙරෙති.  මේ අතර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා හයිද්‍රබාද් හි  ලබන 28 හා 29 දිනවල පැවැත්වෙන ගෝලිය ව්‍යවසායකත්ව සමුථවට සහභාගී වීමට නියමිතයි.

විශේෂාංග පුවත්

 

දේශීය පුවත්