Sri Lanka Brodcasting Corporation

Thu02222018

Last updateWed, 21 Feb 2018 6pm

විදෙස් පුවත්

ජපාන මහ මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම දැන් සිදුවේ.

 

 

ජපාන මහ මැතිවරණය අද පැවැත්වේ. එරට පහළ මන්ත්‍රණ මණ්ඩලයට සභිකයන් තෝරාපත් කර ගැනීම වෙනුවෙන් පැවැත්වෙන එම මැතිවරණය සදහා පාර්ලිමේන්තුවේ ආසන 465 ක් වෙනුවෙන් අපේක්ෂකයෝ එක්දහස් එකසිය අසු දෙනෙක් තරග වදිති. මෙහිදි මන්ත්‍රිවරුන් 289 දෙනෙකු පාර්ලිමේන්තුවට සෘජුව තෝරාපත් කර ගන්නා අතර තවත් 176 දෙනෙකු සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ තෝරා පත් කර ගැනීමට නියමිතයි. බදු ඉහල නැංවීම. ව්‍යවස්ථාවට ප්‍රතිසංස්කරණ ගෙන ඒම. න්‍යෂ්ටික ප්‍රතිපත්තිය සහ ජපානය උතුරු කොරියාවට සිදු කරන මැදිහත්වීම යන මාතෘකා කෙරෙහි මෙවර මැතිවරණයේ දී ජනතාවගේ වැඩි අවදානය යොමු වී තිබේ.
====
පකිස්ථාන මහ කොමසාරිස් සොහාලි මොහොමඩ් ඉන්දිය විදේශ කටයුතු ඇමති සුෂ්මා ස්වරාජ් අද හමුවෙයි. එහිදි පකිස්ථාන අත්අඩංගුවේ සිටින ඉන්දිය ජාතික කුල්බුෂාන් ජාදාව් නිදහස් කරන ලෙස ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට සුෂ්මා ස්වරාජ් මහත්මිය සුදානමින් සිටින බව එරට වාර්තා සදහන් කරයි. 46 හැවිරිදි ජදාව් ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් වලට සම්බන්ධ බවට චෝදනා එල්ල කරමින් පකිස්ථාන හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබිණ. ඔහුට එහිදි මරණ දඩුව නියම වු අතර ඉන්දිය රජය යුක්තිය පසදලීමේ ජාත්‍යන්තර අධිකරණයෙන් කළ ඉල්ලිීමකට අනුව එය අත්හිටුවීමට පකිස්ථාන රජය තීරණය කළේය.
==== මේ වසරේ ඇමරිකාවට බලපෑ සුළි කුණාටුවලින් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා එරට හිටපු ජනාධිපතිරු පස් දෙනෙක් ප්‍රසංගයකට සහභාගී වුහ. හිටපු ජනාධිපතිවරුන් වන බරක් ඔබාමා. ජෝර්ජ් ඩබ්ලිව් බුෂ්. බිල් ක්ලින්ටන්. ජෝර්ජ් එච්ඩබ්ලිව් බුෂ් සහ ජිමි කාටර් යන මහත්වරු ටෙක්සාස් හි ඊයේ පැවැති එම ප්‍රසංගයට සහභාගී වු බව එරට මාධ්‍ය වාර්තා කරයි. එහිදි ඇමරිකානු ඩොලර් මිලියන 31 ක මුදලක් උපයා ගැනීමට හැකි වී තිබේ.

විශේෂාංග පුවත්

 

දේශීය පුවත්