Sri Lanka Brodcasting Corporation

Thu02222018

Last updateWed, 21 Feb 2018 6pm

විදෙස් පුවත්

තම රටට පලා ආ රොහින්ගයා මුස්ලිම් ජනතාව යලි කැදවා ගන්නැයි බංග්ලාදේශ අගමැතිනිය මියන්මාර බලධාරින්ගෙන් ඉල්ලයි.

රකිනා ප්‍රාන්තයේ පවතින ගැටුම් හේතුවෙන් තම රටට පලා ආ රොහින්ගයා මුස්ලිම් ජනතාව යලි කැදවා ගන්නැයි බංග්ලාදේශ අගමැතිනි ෂික් හසීනා වජිඩ් මහත්මිය මියන්මාර බලධාරින්ගෙන් ඉල්ලා සිටි.  මියන්මාරයෙන් පලා ආ පුද්ගලයන් රැදි සිටින කඳවුරක නිරීක්ෂණ චාරිකාවක නිරතවීමෙන් පසුව ඇය එම ඉල්ලීම කළාය.  රකිනා ප්‍රාන්තයේ ප්‍රචණ්ඩක්‍රියා හේතුවෙන් විපතට පත්ව ඇත්තේ අහිංසක ජනතාව බව පවසන බංග්ලාදේශ අගමැතිනි ඔවුන් දෙස මානුෂික ඇසකින් බලන්නැයි මියන්මාර බලධාරින්ගෙන් ඉල්ලා සිටි.  මේ වනවිට හාරලක්ෂයකට අධික පිරිසක් මියන්මාරයෙන් බංග්ලාදේශයට පලාගොස් තිබේ.  මියන්මාර හමුදාව පවසන්නේ තමන් රොහින්ගයා කැරලිකරුවන්ට එරෙහිව සටන්වැද සිටින බවයි.  එහෙත්. පලා ආ පිරිස් පවසන්නේ හමුදාව තම ගම්බිම් ගිනිතබා විනාශ කළ බවයි.

විශේෂාංග පුවත්

 

දේශීය පුවත්