Sri Lanka Brodcasting Corporation

Tue08222017

Last updateMon, 21 Aug 2017 9pm

විදෙස් පුවත්

අර්බුදය තවදුරටත් උත්සන්න වන ආකාරයෙන් කටයුතු කිරිමෙන් වළකින්නැයි චීන ජනාධිපතිවරයා අමෙරිකාවෙන් සහ උතුරු කොරියාවෙන් ඉල්ලයි.

 

දෙරට අතර පවතින අර්බුදය තවදුරටත් උත්සන්න වන ආකාරයෙන් කටයුතු කිරිමෙන් වළකින්නැයි චීන ජනාධිපති ෂි ජින්පින් මහතා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගෙන් සහ උතුරු කොරියානු බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරයි. අර්බුදය උත්සන්න වන ආකාරයේ ප්‍රකාශ සිදුකිරීමෙන් වළකින ලෙසද චීන ජනාධීපතිවරයා ඉල්ලා සිටී.  පසුගිය කාලයේ එක්සත් ජනපදය මෙන්ම උතුරු කොරියාවේ නායකයෝ අර්බුදය උත්සන්න කිරිමට ඉවහල් වන ප්‍රකාශ සිදුකළහ.  උතුරු කොරියාවේ සමීපතම හිතවතෙකු වුවද චීනය මෙම අර්බුදය විසදීමට මැදිහත්වීමට උත්සාහ දරමින් සිටී.

විශේෂාංග පුවත්

 

දේශීය පුවත්