Sri Lanka Brodcasting Corporation

Tue02202018

Last updateTue, 20 Feb 2018 6pm

විදෙස් පුවත්

කැලිෆෝනියාවේ පාසලක වෙඩිතැබීමකින් තිදෙනෙක් මියයති.

ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ප්‍රාථමික පාසලක සිදුවූ වෙඩි තැබීමකින් කුඩා දරුවකු සහ තවත් දෙදෙනෙක් මියයති. ශාන්ත බර්නාඩිනෝ ප්‍රදේශයේ පිහිටා තිබූ මෙම පාසලට ඇතුඵවූ පුද්ගලයකු එහි සේවය කළ ගුරුවරියකු වූ ඔහුගේ බිරිදට වෙඩි තබා ඇත.

ඇය අසල සිටි දරුවකු වෙඩි ප්‍රහාරයෙන් මිය ගිය අතර තවත් දරුවෝ දෙදෙනෙක් තුවාල ලැබූහ. පාසල ආසන්න කලාපයේ ආරක්ෂාව තර කර ඇති අතර සිද්ධිය පිලිබද වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මක බව කැලිෆෝනියා පොලිසිය කියයි .

විශේෂාංග පුවත්

 

දේශීය පුවත්