Sri Lanka Brodcasting Corporation

Thu02222018

Last updateWed, 21 Feb 2018 6pm

විදෙස් පුවත්

මෙම වසරේ ලෝක ආර්ථික වර්ධන වේගය අඩුවන බවට ලෝක බැංකුවෙන් අනාවැකි.

මේ වසරේ සහ ලබන වසරේ ලෝක ආර්ථික වර්ධන වේගය කලින් ප්‍රකාශයට පත් කළ ආකාරයට වඩා අඩුවන බව ලෝක බැංකුව සඳහන් කරයි. බැංකුවේ නවතම අණාවැකි අනුව 2017 දී ලෝක ආර්ථික වර්ධන වේගය සියයට දෙකයි දශම 7 කි. 2018 වසරේදී එය සියයට 2 යි දශම 9 ක් වනු ඇත. මෙම අගයන් මීට පෙර බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද අගයන්ට වඩා සියයට දශම 1 කින් අඩුය. ඇමරිකා එක්සත් ජනපදය.

යුරෝපා සංගමය සහ ජපානය වැනි රටවල් අයත් ලොව දියුණු රටවල ආර්ථික වර්ධන වේගය මේ වසර දෙකේදී පිළිවෙලින් සියයට 1 යි දශම 8 ක් සහ සියයට 1 යි දශම 7 ක් වනු ඇත. එහෙත් දියුණු වෙමින් පවතින රටවල ආර්ථික වර්ධනය සියයට මෙම වසර දෙක තුළ පිළිවෙලින් සියයට 4 යි දශම 2 ක් සහ සියයට 4 යි දශම 6 ක් වනු ඇති බව ලෝක බැංකුව පවසයි.

විශේෂාංග පුවත්

 

දේශීය පුවත්