Sri Lanka Brodcasting Corporation

Mon07242017

Last updateMon, 24 Jul 2017 1pm

විදෙස් පුවත්

ලෝකයේ එෆ්. එම්. ගුවන් විදුලි ජාලය වසා දැමු පළමු රට බවට නෝර්වේ පත්වේ.

එෆ් එම්. ගුවන් විදුලි ජාලය වසා දමන ලෝකයේ ප්‍රථම රට බවට නෝර්වේ රාජ්‍යය හෙට පත්වෙයි.  ඒ වෙනුවට ඩිජිටල් ගුවන් විදුලි සේවා ව්‍යාප්ත කෙරේ.  එමගින් ශ්‍රාවකයින්ට උසස් ශ්‍රවන තත්ත්වයක් හා වැඩසටහන් ආවරණයක් ලබාදීමටත් විවිධ අවස්ථාවලදී හදිසි පණිවුඩ විකාශය කිරීමටත් හැකි බව බලධාරීහු පවසති.

 වියදමද එෆ් එම්. ජාලය හා සසදන විට අට ගුණයකින් අඩුකර ගැනීමට හැකිවෙයි. මෙමගින් සමස්ත ජනගහණයට උසස් ගුවන් විදුලි සේවාවක් සැපයිය හැකි බව නෝර්වේ ඩිජිටල් ගුවන් විදුලි සමාගමේ ප්‍රධානියා පවසයි.  දැනට එරට ඩිජිටල් ගුවන් විදුලි මධ්‍යස්ථාන 22 ක් ඇත.

විශේෂාංග පුවත්

 

දේශීය පුවත්