Sri Lanka Brodcasting Corporation

Tue10242017

Last updateTue, 24 Oct 2017 11am

විදෙස් පුවත්

උතුරු කොරියානු තර්ජනයට එරෙහිව විධිමත් ක්‍රියාමාර්ග ගන්නා බව ජපාන අගමැති කියයි

.උතුරු කොරියාවෙන් තම රටට එල්ලවි ඇති තර්ජනයට එරෙහිව විධිමත් ක්‍රියාමාර්ග ගන්නා බව ජපානයේ අගමරති සිං ෂෝ අබේ මහතා කියයි.  ලබන මස ජපානයේ සංචාරයක නිරත වන අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සමග ද ඒ පිළිබඳව සාකච්ඡා කරන බව සිය ජයග්‍රහනයෙන් පසුව පැවති මාධ්‍ය හමුවකදි ඔහු පැවසිය.  රුසියාව චිනය වැනි සෙසු ලෝක බලවතුන්ගේ සහාය ද ලබා ගැනේ.  එම ප්‍රබල රටවල් වලින් උතුරු කොරියාවට බලපෑම් එල්ල කිරීම අරමුණයි.  එහි අවසන් අරමුණ වන්නේ ජපාන ජනතාගේ ආරක්ෂාව තහවුරු කිරීම බව අගමැතිවරයා පැවසිය.  ඊයේ පැවති මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ආසන සංඛ්‍යාවක් හිමිකර ගැනිමට අබේ මහතා සමත්විය.

ජපාන මහ මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම දැන් සිදුවේ.

 

 

ජපාන මහ මැතිවරණය අද පැවැත්වේ. එරට පහළ මන්ත්‍රණ මණ්ඩලයට සභිකයන් තෝරාපත් කර ගැනීම වෙනුවෙන් පැවැත්වෙන එම මැතිවරණය සදහා පාර්ලිමේන්තුවේ ආසන 465 ක් වෙනුවෙන් අපේක්ෂකයෝ එක්දහස් එකසිය අසු දෙනෙක් තරග වදිති. මෙහිදි මන්ත්‍රිවරුන් 289 දෙනෙකු පාර්ලිමේන්තුවට සෘජුව තෝරාපත් කර ගන්නා අතර තවත් 176 දෙනෙකු සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ තෝරා පත් කර ගැනීමට නියමිතයි.

Read more...

කැටලෝනියා ප්‍රාන්තයේ පුර්ණ බලතල අත්කර ගැනිමට ස්පාඤ්ඤ රජය තීරණය කරයි.

කැටලෝනියා ප්‍රාන්තයේ පුර්ණ බලතල අත්කර ගැනිමට ස්පාඤ්ඤ රජය තීරණය කරයි.  ඒ සදහා අනුමැතිය ලබා ගැනීමට විශේෂ ඇමති මණ්ඩල රැස්විමක් කැඳවා තිබෙ.  එම ප්‍රාන්තය ස්පාඤ්ඤයෙන් වෙන්ව ස්වාධීන රාජ්‍යයක් බවට පත්විම සදහා ජනමත විචාරණයක් පැවැත්වුවද එය නීති විරෝධි බව ස්පාඤ්ඤ ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.  එහෙත් එම ප්‍රාන්ත ප්‍රධානියා පවසන්නේ ස්වාධීන රාජ්‍යයක් බවට පත්වීමට ජනතා වරමක් තමන්ට ලැබුණු බවයි.  ස්පාඤ්ඤ රජය එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කර තිබේ.

යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ධූරයට ප්‍රංශ ජාතික කාන්තාවක්

එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික. විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය හෙවත් යුනෙස්කෝ සංවිධානය නව අධ්‍යක්ස ජනරාල් ධූරයට ප්‍රංශ ජාතික ඔඩ්රේ අශූලෙ මහත්මිය තේරි පත්වෙයි.  රටවල් 195 ක් සාමාජිකත්වය දරන එයින් රටවල් 58  ක් විධායක සභාව නියෝජනය කරන යුනෙස්කෝ සංවිධානයේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා තෝරාපත්කර ගැනිම සඳහා වු ඡන්ද විමසීම ප්‍රංශයේ පැරිස් අගනුවර පිහිටි එම සංවිධාන මූලස්ථානයේදී පසුගිය සතිය පුරා පැවැත්විණි. 

Read more...

සිරියාවේ ත්‍රස්තවාදය කඩිනමින් පරාජය කරන බව රුසියානු ජනාධිපතිවරයා පවසයි

සිරියාවේ ත්‍රස්තවාදය කඩිනමින් පරාජය කරන බව රුසියානු ජනාධිපති  ව්ලැඩිමීර් පුටින් මහතා පවසයි ගැටඵ පැවතියද සිරියානු සාම වැඩපිළිවෙල සාර්ථක ලෙස  ඉදිරියට පවත්වාගෙන යාමට හැකි වී ඇතැයි ජනාධිපතිවරයා කියයි ත්‍රස්තවාදය පරාජය කිරිමෙන් පමණක් සිරියාවට එල්ල වන තර්ජන අවසන් වනු ඇතැයි අපේක්ෂා කළ නොහැකි බව පවසන   පුටින් මහතා ඒ පිළිබඳව දැඩි අවධානයෙන්  පසුවිය යුතු බව ප්‍රකාශ කරයි සිරියානු ජනතාව වෙනුවෙන් කොංග්‍රසයක්  නිර්මාණය කිරිමේ යෝජනාවක් ඉදිරියේදි ක්‍රියාත්මක කෙරේ එරට සෑම ජනකොටසක්ම නියෝජනය වන පරිදි එය සැලසුම් කරන බව  හෙතෙම කියයි

ග්‍රිසියේ සිටින සරණාගත ළමයින් හත්දහසකට අධ්‍යාපන වරම්

ග්‍රිසියට පැමිණ සිටින  සරණාගතයින්  සහ සංක්‍රමණිකයන්ගේ  අවුරුදු 06 ත්  16 ත් අතර වයසේ පාසල් නොගිය දරුවන්  හත්දහසකට මේ වසරේ සිට තම රටේ අධ්‍යාපන  අවස්ථා උදා කර දී ඇතැයි ග්‍රික  අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කරයි.   මේ සදහා අවශ්‍ය සැලැස්ම  ඉකුත් වසරේදි  හදුන්වා දුන්නේය.  මේ වනවිට  සරණාගතයන් ලෙස  පැමිණි පවුල්  2500 ක් පමණ  එරට සුපිරි නිවාස සංකිර්ණ වල සහ හෝටල් වල  කුලි පදනම මත  ජිවත්වෙති.  තවත් පවුල් 2300 කට  වැඩි සංඛ්‍යාවක් සරණාගත කදවුරුවල සිටිති.  තම රටේ රජයේ පාසල්   දහසක  ඔවුන්ට අධ්‍යාපන අවස්ථා උදා කර දෙන බව  ග්‍රික රජය කියයි.

ලැව් ගින්නෙන් මියගිය කැලිෆෝනියා ප්‍රන්ත වැසියන්ගේ සංඛ්‍යාව 19 දක්වා ඉහල යයි

ලැව් ගින්නෙන් මියගිය කැලිෆෝනියා ප්‍රන්ත වැසියන්ගේ සංඛ්‍යාව 19 දක්වා ඉහල යයි . පසුගියදා ඇති වූ ලැව්ගින්නේ බලපෑමෙන් කැලිෆෝනියාවේ වන ගහනයෙන් සැලකිය යුතු කොටසක් සම්පුර්ණයෙන් විනාශ වූ අතර ජිවිත හා දේපල හානි රැසක්ද සිදුවිය. අතුරුදන්වූවන් සෙවීමේ මෙහෙයුම් සදහා වෙනමම පොලිස් කණ්ඩායම් යොදවනු ලැබ සිටී. මේ අතර පන්සියයකට අධික නිවාස අහිමි පවුල් සංඛ්‍යාවක් තාවකාලික කූඩාරම් ආශ්‍රිතව දිවි ගෙවති. මෙසේ නිවාස අහිමි අයගෙන් තවත් කොටසකට බෝවන වෛරස් රෝගයක් වැලදී ඇතැයි ද විදෙස් පුවත් වාර්තා කරයි. මෙම ජනතාවට අවශ්‍ය පහසුකම් සැලසීම රජයේ මුලිකත්වයෙන් සිදුවන බව ධවල මන්දිරය වාර්තා කරයි.  .

සමාජවාදී නවීකරණ කෙරෙහි රට යොමුකරන බව චීන ජනාධිපතිවරයා කියයි.

චීන කොමියුනිස්ට් පක්‍ෂය වසර 2035 වනවිට මුලික වශයෙන් සමාජවාදී නවීකරණ කෙරෙහි රට යොමු කිරීමට පෙරමුණ ගන්නා බව ජනාධිපති ෂින් ජිම්පින් මහතා කියයි. කොමියුනිස්ට් පක්‍ෂයේ 19 වැනි ජාතික සමුඵව අද විවෘත කරමින් ඔහු මේ බව පැවසීය.  චීනය අදියර දෙකකින් යුත් සංවර්ධන සැලැස්මක් ක්‍රියාත්මක කරයි. .  මෙතැන් සිට වසර 2020 දක්වා කාලය සෑම අංශයකින්ම මධ්‍යස්ථ වශයෙන් සමෘද්ධීමත් සමාජයක් ගොඩනැගීමේ තීරණාත්මක කාලපරිච්ඡේදය බව චීන ජනාධිපතිවරයා පැවසීය.  එම පදනම මත වෙහෙස මහන්සි වී වැඩ කිරීමෙන් වසර 2035 වනවිට සමාජවාදී නවීකරණය යථාර්ථයක් බවට පත්කරගැනීම ඉලක්කය බව ඔහු කීය.

සිම්බාබ්වේ රජය පළතුරු හා එළවඵ ආනයනය අත්හිටුවයි.

පළතුරු හා එළවඵ ආනයනය  සිම්බාබ්වේ රජය තහනම් කරයි.  එම වගාවන්  දේශිය වශයෙන්  වගා කිරිම දිරිගැන්විමට සහ විදේශ මුදල් සංචිත ආරක්ෂා කර ගැනිම එහි ප්‍රධාන අරමුණයි.   කැරට් සහ මිදි ආනයනය සදහා වැඩිමුදලක් වැය කළත් ඒවා තම රටේම පහසුවෙන් වගා කර ගත හැකි බෝග බව සිම්බාබ්වේ කෘෂිකර්ම අමාත්‍ය ජෝශප් මේඩ් මහතා කියයි.

උපායමාර්ගික සහයෝගිතාව වර්ධනය කර ගැනීමට ඉන්දියාවෙ සහ ඇෆ්ගනිස්ථානයේ එකගත්වය.

ඉන්දියාව සහ ඇෆ්ගනිස්ථානය උපායමාර්ගික සහයෝගිතාව තවදුරටත් වර්ධනය කර ගැනීමට එකගත්වය පළ කරයි.  ඇෆ්ගනිස්ථානයේදී  එරට ජනාධිපති අස්රාෆ් ගානි මහතා හා ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා අතර අද පැවති සාකච්ඡාවක ද ඒ බව තහවුරු කළේය.  දෙපාර්ශ්වය ත්‍රස්තවාදයේ අභියෝග පිළිබඳ අවධානය යොමු කරමින් ආරක්ෂක සබඳතා පුඵල් කර ගැනීමට ද කැමැත්ත පළ කර තිබේ.  එමෙන්ම ඇෆ්ගනිස්ථානයේ ප්‍රතිසන්ධාන වැඩපිළිවෙල සදහා ද ඉන්දියාව සහාය දෙයි.

විශේෂාංග පුවත්

 

දේශීය පුවත්