Sri Lanka Brodcasting Corporation

Sat03252017

Last updateFri, 24 Mar 2017 7pm

විදෙස් පුවත්

බ්‍රිතාන්‍යයේ වෙස්මිනිස්ටර් ප්‍රහාරයෙන් මියගිය 5 වැන්නාද හදුනා ගැනේ.

බ්‍රිතාන්‍යයේ වෙස්මිනිස්ටර් ප්‍රහාරයෙන් මියගිය 5 වැන්නාද හදුනා ගැනේ. ඔහු 78 හැවිරිදි ලෙස්ලි රොනේඩර්ස් නැමැත්තෙකු බව  පොලිසිය කියයි.  ඔහු වෙස්මිනිස්ටර් පාලම මතදී ප්‍රහාරයේ සැකකරු පැදවු මෝටර් රථයේ ගැටුණු තිදෙනාගෙන් එක් අයෙකි.  ප්‍රහාරය සම්බන්ධයෙන් තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.  ප්‍රහාරයෙන් තුවාල ලැබු 50 දෙනෙකු පමණ රෝහල් ගතකර තිබේ.  ඉන් ඇතැම් අයගේ තත්ත්වය බරපතල වෙයි.

ලන්ඩන් ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට හත්දෙනෙක් අත්අඩංගුවට ගැනෙති.

 සිව්දෙනෙකුට මරු කැදවු  ලන්ඩන් ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට හත්දෙනෙක්  අත්අඩංගුවට  ගැනෙති.  ලන්ඩන් පොලිසියේ  ත්‍රස්ත මර්දන ඒකකයේ ප්‍රධානී මාක් රොව්ලි මහතා පැවසුවේ  ඊයේ රැය පුරා සැකකරුවන්  අත්අඩංගුවට ගැනිම සදහා  පුඵල් මෙහෙයුම් ක්‍රියාත්මක වූ බවයි.

 ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ කාන්තාවක පුද්ගලයෙකු. පොලිස් නිලධාරියෙකු හා ප්‍රහාරයට  පැමිණි තැනැත්තායි.  තුවාල ලැබු හත්දෙනෙකු මේ වනවිට රෝහල්ගත කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය  බරපතල බව රෝහල් ආරංචි මාර්ග කියයි.  තවත්  29 දෙනෙකු  ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙ.

චීනයේ පාසලක හටගත් තෙරපිමකින් දෙදෙනෙකු මරුට.

චීනයේ මධ්‍යම ප්‍රදේශයේ ප්‍රාථමික පාසලක හටගත් තෙරපිමකින් ළමයි දෙනෛක් මරණයට පත්වෙති.  තවත් 20 දෙනෙක් තුවාල ලැබුහ.  විවේක කාලයේදී වැසිකිළියට යාමට උත්සාහ දරද්දී මෙම තෙරපීම හටගෙන ඇතැයි ෂිංහුවා ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි.  අධික තෙරපීම හේතුවෙන් වැසිකිළියේ බිත්තියක් කඩා වැටුනු බවට තවත් පුවත්පතක් වාර්තාකර තිබින.  තුවාල ලැබු අය රෝහල් ගතකරනු ලැබුහ.  ඉන් සමහරෙකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග කියයි.

උතුරු කොරියාව සිදුකල මිසයිල අත්හදා බැලීමක් අසාර්ථක වෙයි.

උතුරු කොරියාව සිදුකල මිසයිල අත්හදා බැලීමක් අසාර්ථක වෙයි.  දකුණු කොරියානු ආරක්‍ෂක අංශ ඒ බව සනාථ කර තිබේ.  උතුරු කොරියාවේ නැගෙනහිර වෙරළ තීරයේදී් එම අත්හදා බැලීම සිදුවිය.  එය කුමණ ආකාරයේ මිසයිලයක්ද යන්න මෙතෙක් අනාවරණ වී නැත.

 උතුරු කොරියාවට කුමණ ආකාරයේ හෝ මිසයිල හෝ න්‍යෂ්ටික අත්හදා බැලීම් කිරීම එක්සත් ජාතීන්ගේ සංවිධානය තහනම් කර තිබේ.  එහෙත් උතුරු කොරියානු නිරතුරු මෙවැනි අත්හදා බැලීම් සිදුකරයි.  පසුගිය මාසයේ අත්හදා බැලු මිසයිල කිලෝමිටර් දහසක් පමණ දුර ගමන් කර ජපාන මුහුදට පතිත විය.

ඉන්දියාව සහ අමෙරිකාව අතර ඉහළ මට්ටමේ ආරක්ෂක සහයෝගිතා සාකච්ඡා තව නොබෝදිනකින්


ඉන්දිය ජාතික ආරක්ෂක උපදේශක අජිත් ඩොවල් මහතා අමෙරිකාවේ සංචාරයකට සුදානම් වෙයි. ඔහු ආරක්ෂක සහයෝගිතාව වර්ධනය කරගැනිම සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප් පාලනය සමග සාකච්ඡා කිරීමට නියමිතයි. ඩොනල්ඩ් මහතා ලබන 24 වැනිදා අමෙරිකානු ආරක්ෂක ලේකම් ජේම්ස් මැටිස් මහතා හමුවෙයි.. ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ධුරයට පත්විමෙන් පසු දෙරට අතර සිදුකෙරෙන ඉහළ පෙලේ ආරක්ෂක රාජ්‍ය තාන්ත්‍රික හමුව මෙයයි.

අමෙරිකානු ජනාධිපතිවරණයට රුසියාවේ මැදිහත්විම පිළිබඳව පරීක්ෂණ

   පසුගිය  සුගිය වසරේ පැවති අමෙරිකානු ජනාධිපතිවරණයට  රුසියාවේ මැදිහත්විම පිළිබඳව පරීක්ෂණ පවත්වන  එෆ්.බී.අයි.  ආයතනයේ අධ්‍යක්ෂ ජේම්ස් කොමි මහතා ප්‍රථම වරට පිළිගනි.  එහෙත් ඔබාමා පරිපාලනය ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ දුරකථන සංවාද වලට  රහසේ  සවන්දුන් බවට  නැගෙන චෝදනා   සනාථ කිරිමට කිසිදු සාක්ෂියක් නැතැයි ඔහු පැවසුවේ  කොංග්‍රස් මණ්ඩලයේ බුද්ධි අංශ කමිටුව හමුවේ සාක්ෂි දෙමිනි.  අමෙරිකානු ජනාධිපතිවරණයට මැදිහත් වු බ වට නැගෙන   චෝදනා රුසියාව නිරතුරු ප්‍රතික්ෂේප කළේය.

ලෝකයේ වඩාත් සතුටින් සිටින ජනතාව සිටින්නේ නෝර්වේ බව වාර්තාවක් පෙන්වා දෙයි.

ලෝකයේ වඩාත් සතුටින් සිටින ජනතාව සිටින්නේ නොර්වේ  රාජ්‍යයේ බව  එක්සත් ජාතින්ගේ සංවිධානය එළිදැක්වු වාර්තාවක දැක්වේ.  දෙවැනි ස්ථානයට ඩෙන්මාර්කය පත්වී අති අතර අයිස්ලන්තය. ස්විස්ටර්ලන්තය. පින්ලන්තය. නෙදර්ලන්තය. ඉන්අනතුරුව සිටි.  වඩාත් අසතුටින් ජනතාව සිටින්නේ මධ්‍යම අප්‍රිකානු සමුභාණ්ඩුවේය.  ඊට අමතරව බුරුන්ඩි. ටැන්සානියාව. සිරියාව. රුවන්ඩාව පසුවෙයි.

ජපාන රුසියානු විදේශ ඇමතිවරු හමුවෙති.

ජපාන විදේශ කටයුතු ඇමති ෆුමියො කිෂිඩා මහතා රුසියානු විදේශ කටයුතු ඇමති සර්ජි ලැව්රොව් මහතා ටෝකියෝ නුවරදී හමු වෙයි.  එම හමුව අද සිදු විය.  එහිදි ෆුමියො කිෂිඩා මහතා කියා සිටියේ මේ වසරේ සිදු කෙරෙන ජපාන අගමැති ෂින්ෂෝ අබේ මහතාගේ රැසියානු නිල සංචාරයට අදාලව කරුණු කිහිපයක් යටතේ සාකච්ඡා කළ යුතුව ඇති බවයි.

Read more...

සිරියානු හමුදා හා කැරලිකරුවන් අතර ඩැමස්කස් අගනුවර දරුණු ගැටුම් .

සිරියානු හමුදා හා කැරලිකරුවන් අතර ඩැමස්කස් අගනුවර දරුණු ගැටුම් හට ගනී.   කැරලිකරුවන් ඊයේ පෙරවරුවේ අගනුවරට එල්ල කළ ප්‍රහාරයක් ගැටුමට මුල් විය.  මෝටර් රථවල සවි කළ බෝම්බ හා මරාගෙන මැරෙන බෝම්බ උපයෝගි කර ගෙන එම ප්‍රහාර එල්ල කළ අතර පසුව ෂෙල්වෙඩි හා රොකට් වෙඩි ද අගනුවරට පතිතවී තිබේ.  රහස් උමගක් ද කැරලිකරුවන් යොදා ගෙන තිබු බව ආරක්ෂක අංශ කියයි.  සිරියානු හමුදා පැවසුවේ තමන් කැරලිකරුවන් පලවා හැරීමට සමත්වු බවයි.  ගුවන් හමුදාව කැරලිකරුවන්ගේ ඉලක්ක 30 කට ගුවන් ප්‍රහාර එල්ල කර තිබේ.

ඉදිරි ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ වලින් පසු මරණ දඩුවම යළි බලාත්මක කිරීමට අනුමැතිය ලබා දෙන බව තුර්කි ජනාධිපතිවරයා කියයි.

 

ඉදිරි ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ වලින් පසු මරණ දඩුවම යළි බලාත්මක කිරීමට අවශ්‍ය අනුමැතිය ලබා දෙන බව තුර්කි ජනාධිපති රිසෙප් ටායිප් එර්ඩොගාන් මහතා පවසයි. ජනහමුවකට ඊයේ එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ ඒ සදහා අවශ්‍ය බලය ලබන මස 16 වැනිදා පැවැත්වෙන ඡන්ද විමසීමෙන් පසු තමාට ලැබෙනු ඇති බවයි ජනාධිපතිවරයාගේ විධායක බලතල වැඩිකිරීම සදහා එරට ව්‍යවස්ථාවට සංශෝධන ගෙන එන එම ජනමතවිචාරණයෙන් පසු තුර්කි අගමැතිධුරයද අහෝසි වනු ඇත.

විශේෂාංග පුවත්

 

දේශීය පුවත්