Sri Lanka Brodcasting Corporation

Mon12112017

Last updateMon, 11 Dec 2017 10am

ක්‍රිඩා පුවත්

අවුරුදු 19 න් පහල ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට යන ශ්‍රී ලංකා පිල තව නොබෝ දිනකින් නම්කෙරේ

වයස අවුරුදු 19 න් පහල ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ප්‍රබල කණ්ඩායමක් ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියයි. ඒ සදහා විසි දෙනෙකුගෙන් යුත් සංචිතයත් නම් කර ඇත.  එම සංචිතය ක්‍රිඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ අනුමැතියට යොමුකර තිබේ.  තරගාවලිය ලබන මස 13 වැනිදා සිට පෙබරවාරී 03 වැනිදා දක්වා නවසීලන්තයේදී පැවැත්වෙයි.  මුල් වටයේදී ශ්‍රී ලංකාව. අයර්ලන්තය. පකිස්තානය සහ ඇෆ්ගනිස්තානය සමග තරගවදී.  කාණ්ඩ 4 ක් යටතේ තරග පැවැත්වේ.  ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පුර්ණ සාමාජිකත්වය ඇති රටවලට අමතරව ඇෆ්ගනිස්තානය. කෙන්යාව. කැනඩාව. පැපුවා නිවිගිනියාව. අයර්ලන්තය යන රටවල්ද මීට සහභාගී වෙයි.

දේශීය පුවත්

 

විදෙස් පුවත්