Sri Lanka Brodcasting Corporation

Thu02222018

Last updateWed, 21 Feb 2018 6pm

ක්‍රිඩා පුවත්

වයස අවුරුදු 19 න් පහළ ආසියා කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තරගයකදී ශ්‍රී ලංකාව පරදවා පකිස්තානයට කඩුලු 3 ක ජයක්.

වයස අවුරුදු 19 න් පහළ ආසියා කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද පැවති තරගයකදී බී කොටසින් තරග වදින ශ්‍රී ලංකා පිල පරදවා පකිස්ථාන කණ්ඩායම කඩුථ 03 ක ජයග්‍රහණක් වාර්තා කරයි.  කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 49 යි පන්දු 4 ක් අවසානයේ සියථ දෙනා දැවී ලකුණු 141 ක් රැස් කළේය.  ඊට පිළිතුරු වශයෙන් පකිස්ථාන වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම ඕවර 32 යි පන්දුවක් අවසානයේ කඩුථ 07 ක් දැවී ලකුණු 142 ක් ලබා තරගයේ ජය වාර්තා කළේය.  ශ්‍රී ලංකා පිලේ අශේන් බණ්ඩාර ලකුණු 49 ක් රැස් කළේය.  පන්දු යැවීමේදී ප්‍රවීන් ජයවික්‍රම කඩුථ 04 ක් බිද හෙළීය.  මෙම තරගාවලියේ ලකුණු සටහනේ ප්‍රසාද ලකුණු 04 ක් ලබා පකිස්ථාන කණ්ඩායම ඉදිරියෙන් සිටින අතර ප්‍රසාද ලකුණු 04 ක් ලබා ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි ස්ථානයේ පසුවෙයි.

දේශීය පුවත්

 

විදෙස් පුවත්