Sri Lanka Brodcasting Corporation

Wed11222017

Last updateWed, 22 Nov 2017 1pm

ක්‍රිඩා පුවත්

නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ පලමු තරගයේ ජය පකිස්තානයට

පන්දුවාර විස්සයි විස්ස නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ ලෝක ක්‍රිකට් කණ්ඩායමට එරෙහි පලමු තරගය ලකුණු 20 කින් ජයගැනීමට පකිස්තානය සමත් වෙයි. තරගය ලාහෝර් හිදි ඊයේ රාත්‍රියේ පැවැත්විණි. කාසියේ වාසිය දිනු ලෝක කණ්ඩායම ප්‍රථමයෙන් ලකුණු රැස්කිරිමේ අවස්ථාව පකිස්ථාන කණ්ඩායමට ලබාදුන්නේය.

ඒ අනුව පිටියට පිවිසි පකිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 5 ක් දැවි ලකුණු 197 ක් රැස් කලේය. බාබර් අශාම් ලකුණු 86 ක් ලබාගත්තේ ය. පිලිතුරු ඉණිම ක්‍රීඩා කළ ලෝක කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුඑ 7 කට ලබාගත හැකි වූයේ ලකුණු 177 ක් පමණි. තිසර පෙරේරා ලකුණු 17 ක් ලබා සිටියදී දිවීමට ගොස් දැවීයාමට ලක් විය. කණ්ඩායම් දෙක අතර දෙවන තරගය හෙට රාත්‍රියේ ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගනයේදී පැවැත් වේ.

දේශීය පුවත්

 

විදෙස් පුවත්