Sri Lanka Brodcasting Corporation

Mon10232017

Last updateMon, 23 Oct 2017 6pm

ක්‍රිඩා පුවත්

මෙවර ජාතික මහා ක්‍රිඩා උළෙල උත්කර්ෂවත් අන්දමින් පැවැත්විමට ක්‍රිඩා අමාත්‍යංශයෙන් සැලසුම්

43 වැනි ජාතික මහා ක්‍රිඩා උළෙල  ලබන මස 21 වැනිදා සිට 24 වැනිදා දක්වා මාතර කොටවිල  නව ක්‍රිඩා සංකිර්ණයේදී පැවැත්වේ.    ක්‍රිඩා අමාත්‍යංශයේ ස්වර්ණ ජයන්තිය නිමිත්තෙන් මෙවර ජාතික මහා ක්‍රිඩා උළෙල උත්සවාකාරයෙන් පැවැත්විමට  අමාත්‍යංශය විධිවිධාන යොදා තිබෙ.්   ඒ අනුව ජාතික මහා ක්‍රිඩා උළෙල  පිළිබඳව ක්‍රිඩා ලෝලි ජනතාව දැනුවත් කිරිම සදහා විශේෂ ගිනි සිඵවක් දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට රැගෙන යාමට  විධිවිධාන යොදා ඇතැයි  ඇමති  දයාසිරි ජයසේකර මහතා කියයි . ඒ අනු ව ලබන  28 වැනිදා  ගාල්ල සමනල ක්‍රිඩාංගනයේ සිට ගුවනින් යාපනයට රැගෙන යාමට නියමිතයි.  එම ගිනිසිඵව  රැගත් ධාවකයන් ලබන  30 වැනිදා යාපනයෙන් ගමන් ආරම්භ  කර වව්නියාව . මන්නාරම.  පුත්තලම . අනුරාධපුරය  ත්‍රිකුණාමලය .. අම්පාර . මොණරාගල . හ ම්බන්තොට . බදුල්ල  . නුවරඑළිය . මහනුවර.  කුරුණෑගල . ගම්පහ කැගල්ල . කඵතර යන දිස්ත්‍රික්ක ආවරණය කරමින් ලබන මස 22 වැනිදා ක්‍රිඩා උළෙල පැවැත්වෙන   මාතර කොටවිල ක්‍රිඩාගංනයට ළගාවෙයි.

දේශීය පුවත්

 

විදෙස් පුවත්