Sri Lanka Brodcasting Corporation

Tue06272017

Last updateTue, 27 Jun 2017 1pm

ක්‍රිඩා පුවත්

2017 ශුරයන්ගේ කුසලාන ක්‍රිකට් කිරුළ පකිස්ථානයට

 

 

 

2017 ශුරයන්ගේ කුසලාන ක්‍රිකට් කිරුළ හිමි කරගැනීමට පකිස්ථාන ක්‍රීඩකයෝ සමත් වෙති. තරගාවලියේ අවසන් මහා තරගය ඉන්දිය කණ්ඩායම සහ පකිස්ථාන කණ්ඩයම අතර ඕවල් ක්‍රිඩාංගනයේදි ඊයේ පැවැත්විණි.

එහිදී ඉන්දීය කණ්ඩායමට එරෙහිව ලකුණු 180 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට පකිස්ථානයට හැකි විය. කාසියේ වාසිය දිනු ඉන්දිය කණ්ඩායම ප්‍රථමයෙන් ලකුණු රැස් කිරිමේ අවස්ථාව පකිස්ථාන කණ්ඩායමට ලබාදුන්නේය

. ඒ අනුව පිටියට පිවිසි පකිස්ථාන ක්‍රිඩකයෝ නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 4 කට ලකුණු 338 ක් රැස් කලහ. එක්දින තරග පිටියේ සිය පලමු ශතකය වාර්තා කිරිමට ෆඛාර් ශමාන් ඊයේ දිනයේ සමත්විය. පන්දු 106 කට මුහුණ දුන් ඔහු හතරේ පහර 12 ක් සහ 6 පහර තුනක් සමගින් ලකුණු 114 ක් රැස්කලේය. ලකුණු 339 ක අසිරු ඉලක්කයක් හඹා ගිය ඉන්දිය කණ්ඩායමේ ඉණිම පන්දු වාර 33 යි පන්දු 3 කට සීමා කිරීමට පකිස්ථාන පන්දුයවන්නෝ සමත් වූහ. ලබාගත් ලකුණු සංඛ්‍යාව 158 කි.
පකිස්ථාන කණ්ඩායමේ මොහොමඩ් අමීර් සහ හසන් අලි කඩුඑ 3 බැගින් බිඳ හෙලූහ. තරගයේ වීරයා සම්මානය ෆඛාර් ශමාන්ට හිමි වූ අතර තරගාවලියේ වීරයා සම්මානය හිමි කරගන්නා ලද්දේ පකිස්ථානයේ හසන් අලි විසිනි. තරගාවලියේ හොඳම පිතිකරුවාට පිරිනැමෙන සම්මානය ඉන්දීය කණ්ඩායමේ ශිකාර් ධාවන්ට හිමි විය. පකිස්ථාන කණ්ඩායමේ හසන් අලි තරගාවලියේ හොඳම පන්දු යවන්නා වශයෙන් සම්මාන ලැබුවේ ය.

දේශීය පුවත්

 

විදෙස් පුවත්