Sri Lanka Brodcasting Corporation

Thu10192017

Last updateWed, 18 Oct 2017 6pm

ක්‍රිඩා පුවත්

අයි පි එල් තරගාවලියේ ඊයේ තරගයේ ජය දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායමට

ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පූනේ සුපර් ජයන්ට් කණ්ඩායමට එරෙහිව  පැවති තරගය ලකුණු 97 කින් ජයගැනීමට දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායම සමත් විය. ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුඑ 4 කට ලකුණු 205 ක් රැස් කළේ ය. සංජු සැම්සන් පන්දු 63 කදී ලකුණු 102 ක් රැස් කිරීමට සමත් විය.

හයේ පහර 5 ක් සහ හතරේ පහර 8 ක් එම ලකුණු සංඛ්‍යාවට ඇතුලත් විය. පිලිතුරු ඉණිම ක්‍රීඩා කළ පූනේ කණ්ඩායමට ලබාගත හැකි වූයේ පන්දුවාර 16 යි එක් පන්දුවකදී සියඑ දෙනා දැවී ලකුණු 108 ක් පමණි. තරගාවලියේ 10 වෙනි තරගය මුම්බායි ඉන්ඩියන්ස් සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම් අතර මුම්බායිහිදී අද පැවැත් වේ.
මේ අතර සංචාරක පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම සහ සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පෝ‍රවිඩන්සිහිදී ඊයේ පැවති තෙවන එක්දින තරගය කඩුඑ 6 කින් ජයගැනීමට පකිස්ථානය සමත් විය. පළමුවෙන් පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ නඩුඑ 9 කට රැස් කළ ලකුණු සංඛ්‍යාව 233 කි. පිලිතුරු ඉණිම ක්‍රීඩා කළ පකිස්ථානය පන්දුවාර 43 යි එක් පන්දුවකදී කඩුඑ 4 ක් පමණක් දැවී නියමිත ඉලක්කය සපුරා ගත්තේ ය.

දේශීය පුවත්

 

විදෙස් පුවත්