Sri Lanka Brodcasting Corporation

Wed04262017

Last updateWed, 26 Apr 2017 1pm

ක්‍රිඩා පුවත්

ජාත්‍යන්තර ක්‍රිකට් දිවියෙන් සමුගන්නා බව පකිස්තාන පිතිකරු යුනුස් ඛාන් පවසයි.

තමන් ක්‍රිකට් දිවියෙන් විශ්‍රාම ගන්නා බව පකිස්තාන පිතිකරු යුනුස් ඛාන් පවසයි.  බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමග ලබන 22 වැනිදා ආරම්භ වන ටෙස්ට් තරගාවලියෙන් පසු එම තීරණය ක්‍රියාත්මක කරන බව ඔහු සදහන් කරයි.  39 හැවිරිදි යුනුස් ඛාන් පකිස්ථාන ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වෙයි.   ඔහු 2000 වසරේ සිට ටෙස්ට් තරග 115 කට මුහුණ දී රැස් කර ගෙන ඇති ලකුණු සංඛ්‍යාව නව දහස් නවසිය හැත්තෑ හතකි. ශතක 34 ක් ඊට ඇතුළත් වෙයි.  ඔහු තරගයකදී ලබා ඇති වැඩිම ලකුණු සංඛ්‍යාව 313 කි.

දේශීය පුවත්

 

විදෙස් පුවත්