Sri Lanka Brodcasting Corporation

Sun01222017

Last updateSun, 22 Jan 2017 6pm

ක්‍රිඩා පුවත්

දකුණු අප්‍රිකාවේ සංචාරයේදි පිතිකරුවන් පෙන් වු දුර්වලතා සම්බන්ධයෙන් ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානියාගේ කණස්සල්ල

ශ්‍රි ලංකාවත් දකුණු අප්‍රිකාවත් අතර තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට සිට 16 වැනිදා තෙක් ජොහැනස්බර්ග් හිදි පැවැත්වෙ. පලමු ටෙස්ට් තරග දෙකේදී ශ්‍රි ලංකාවට අන්ත පරාජයක් හිමි විය. එහිදි නායක ඇන්ජලෝ මැතිව්ස් ගේ දුර්වලතා මෙන්ම ශ්‍රි ලංකා පිතිකරුවන්ගේ දුර්වලතා ද විශේෂයෙන් කැපී පෙනුනි. හෙට තරගයේදි කණ්ඩායම් දෙකේම සුඵ වෙනස්කම් කිහිපයක් සිදුවනු ඇතැයි විශ්වාස කෙරේ.
මේ අතර දකුණු අප්‍රිකානු සංචාරයේදි පිතිකරුවන් පෙන් වූ දුර්වලතාවය ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානි සනත් ජයසුරිය මහතාගේ විවේචනයට ලක්වෙයි. තරග ජයග්‍රහණයක් හෝ ජය පරාජයකින් තොරව තරගය අවසන් කර ගැනිමට නම් එක් ඉනිමකදි ලකුණු 300 සීමාවට ළගාවිය යුතු බව ඔහු පෙන්වා දෙයි. එහෙත් මෙතෙක් ශ්‍රි ලංකාව එවැනි කුසලතාවක් නොපෙන්වු බව ඔහු කියයි.

දේශීය පුවත්

 

විදෙස් පුවත්