Sri Lanka Brodcasting Corporation

Wed09202017

Last updateWed, 20 Sep 2017 6pm

ක්‍රිඩා පුවත්

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ආකෘතිය වෙනස් කිරීමට ජගත් පාපන්දු සම්මේලනයේ සාකච්ඡා.

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ආකෘතිය වෙනස් කිරීමට ලෝක පාපන්දු සම්මේලන බලධාරිීහු සාකච්ඡා කරති. මෙහිදී තරගවදින කණ්ඩායම් සහ එහි ව්‍යුහය වෙනස් කිරීම පිළිබඳව අවධානය යොමුකර ඇත. කණ්ඩායම් 48 ක් තරගාවලියට එක්කිරීම පිළිබඳව ඊයේ සාකච්ඡා පැවැත්වුණි. දැනට තරගාවලියට එක්වන්නේ කණ්ඩායම් 32 කි. නව සැලැස්ම අනුව කණ්ඩායම් 16 ක් වැඩි වෙයි.

නව ක්‍රමය සම්මත වුවහොත් 1998 න් පසු ලෝක කුසලාන පාපන්දු තරග ආකෘතිය වෙනස් කරන පළමු අවස්ථාව මෙයයි. එම සැලැස්ම ක්‍රියාවට නැංවෙන්නේ වසර 2026 ලෝක කුසලාන තරගාවලියේ සිටය. මේ අතර අන්තර්ජාතික පාපන්දු සම්මේලනය ප්‍රථම වරට පැවැත්වු ෆීෆා පාපන්දු සම්මාන රාත්‍රියේ හොඳම පාපන්දු ක්‍රිඩකයා ලෙස පෘතුගාල හා රියල් මැඩ්රිඩ් කණ්ඩායම් නියෝජනය කරන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සම්මාන ලැබීය. ඉකුත් මාසයේ පැවැති ජගත් සම්මාන උළෙලේ දී බැලුන් ඩී ඕර් සම්මානය දිනා ගත්තේද ඔහුය. අවස්ථා දෙකේදීම ඔහු හමුවේ පරාජය වුයේ ආජන්ටිනාවේ ලයනල් මෙසීය. මේ වසරේ සිට බැලුන් ඩී ඕර් සම්මානය වෙනුවට ෆිෆා සම්මාන රාත්‍රිය පැවැත්වේ. මෙම සම්මාන රාත්‍රිය ස්විට්සර්ලන්තයේ සුරිච් හි පැවැත්වුණි.

දේශීය පුවත්

 

විදෙස් පුවත්