Sri Lanka Brodcasting Corporation

Tue02202018

Last updateTue, 20 Feb 2018 6pm

ක්‍රිඩා පුවත්

විරාත් කෝලි තවත් කඩඉමක් පසුකරයි.

එක්දින හා ටෙස්ට් ජාත්‍යන්තර ශ්‍රේණිගතකිරීම්වලදී ලබාදෙන ලකුණු ක්‍රමයේදි ලකුණු 900 සිමාව ඉක්මවු දෙවන පිතිකරුවා බවට විරාත් කෝලි පත්වේ.  මෙම තරග රටා දෙකෙන්ම මිට පෙර මෙම දස්කම දක්වා තිබුනේ දකුණු අප්‍රිකානු පිතිකරු ඒ බි ඩිවිලියස්ය.  ටෙස්ට් ක්‍රිකට් ක්‍රිඩාවේ එදා මෙදාතුර හොදම ශ්‍රේණිගත නාමාවලියේ ඉහළින්ම සිටින බ්‍රයන් ලාරට පසුව දෙවන ස්ථානය විරාත් කෝලිට ලැබි ඇත.  එක්දින ශ්‍රේණිගත කිරීම් හී කෝලිට හත්වැනි ස්ථානය ලැබි ඇති අතර එහි ඉදිරියෙන්ම සිටින්නේ ලකුණු 935 ක් ලබා ඇති විවියන් රිචඩ්ස්ය.

නිදහස් සමරු කුසලාන තුන්කොන් ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ලබන මස 06 වැනිදා සිට කොළඹදී

ශ්‍රී ලංකාවේ 70 වන නිදහස් සමරුව නිමිත්තෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන නිදහස් සමරු කුසලාන තුන්කොන් ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිඩාංගනයේදී ලබන මස 06 වැනිදා ඇරඹේ.  ලබන මස 18 වැනිදා දක්වා පැවැත්වෙන තරගාවලියට ශ්‍රී ලංකාව. ඉන්දියාව හා බංග්ලාදේශය යන රටවල් සහභාගි වෙයි. 

Read more...

බංග්ලාදේශයට එරෙහි පන්දුවාර විස්සයි විස්ස තරගාවලියේ ජයත් ශ්‍රි ලංකාවට

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව සිල්හෙට් හිදි ඊයේ පැවැති පන්දුවාර විස්සයි විස්ස දෙවන තරගය ලකුණු 75 කින් ජයගැනිමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත්වෙයි. කාසියේ වාසිය දිනු බංග්ලාදේශ කණ්ඩායම පලමුවෙන් ලකුණු රැස්කිරිමේ අවස්ථාව ශ්‍රි ලංකා කණ්ඩායමට ලබාදුන්නේය. ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රි ලංකා  කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේදි කඩුලු 4 කට ලකුණු 210 ක් රැස්කලේය.

Read more...

ශ්‍රි ලංකාව සහ බංගලාදේශය අතර විස්සයි විස්ස අවසන් තරගය ධකා හිදි

 

ශ්‍රි ලංකාව සහ බංගලාදේශය අතර විස්සයි විස්ස අවසන් තරගය ධකා හිදි  ශ්‍රි ලංකා වේලාවෙන් අද පස්වරු  4.30 ට ඇරඹේ .  දෙරට අත.ර පැවති  පලමු  විස්සයි විස්ස තරගය කඩුලු  06 කින් ජයගැනිමට  ශ්‍රි ලංකා කණ්ඩායම සමත් විය.

---------

ක්‍රිඩා අමාත්‍යංශය මෙහෙයවන 44 වැනි ජාතික මහ ක්‍රිඩා උළෙලේ පළමුවන ඉසව්ව ලෙස ජාතික රට හරහා දිවීමේ තරග නුවරඑළිය පොලිස් ක්‍රිඩාංගනය අසලින් අද පෙරවරු 600 ට ආරම්භ විය.  ජාතික ක්‍රිඩා උළෙලට සමගාමීව පළාත් මට්ටමින් පැවැත්වු   රට හරහා දිවීමේ තරගවලදී දස්කම් දැක්වු පළමු තරගකරුවන් දස දෙනෙක් තරගකාරිනියන් හයදෙනෙක් ඇතුඵව ක්‍රිඩක ක්‍රිඩිකාවෝ 154 දෙනෙක් මෙවර ජාතික රට හරහා දිවිමේ තරගයට සහභාගී වෙති.

ශ්‍රිී ලංකාව හා බංග්ලාදේශය අතර දෙවන හා අවසන් පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගය හෙට

 

ශ්‍රිී ලංකාව හා බංග්ලාදේශය අතර දෙවන හා අවසන් පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගය හෙට පැවැත්වේ. දෙරට අතර පැවති පළමු පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගය ජය ගැනීමට ශ්‍රීී ලංකාවට හැකි විය. දෙරට අතර පැවති ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රහණය ද ශ්‍රීි ලංකාවට හිමි විය. හෙට තරගය ශ්‍රීි ලංකා වේලාවෙන් පස්වරු 4.30 ට ඇරඹේ.

========
ශ්‍රීී ලංකාව පළමු වරට ටෙස්ට් ක්‍රිකට් තරගයකට සහභාගි වී අදට වසර 36 ක් සපිරෙයි. 1982 පෙබරවාරි 17 වැනිදා කොළඹ සරවනමුත්තු ක්‍රීඩාංගණයේ දී එම තරගය ආරම්භ විය. එංගලන්තයට එරෙහිව පැවති එම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරුවේ බන්ධුල වර්ණපුරයි. තරගයේ ජය එංගලන්තයට හිමි විය

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවැනි හා අවසන් පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගය ලබන ඉරිදා

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවැනි හා අවසන් පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගය ලබන ඉරිදා පැවැත්වේ.  පන්දුවාර 20 යි 20 තරග බිමේ ශ්‍රීි ලංකා පිල හඹා ගොස් ජයග්‍රහණය  කළ වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාවට හිමිකම් කියමින් බංග්ලාදේශයට එරෙහිව ඊයේ පැවති පළමු පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගය කඩුලු 6 ක විශිෂ්ට ජයක් වාර්තා කිරිමට ශ්‍රී ලංකා පිල සමත් විය.  එම ජයග්‍රහණයත් සමග තරග 2 කින් සමන්විත 20 යි 20 තරගාවලිය 1 ට බිංදුවක් ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රීි ලංකා පිලට හැකි විය.  කාසියේ වාසිය දිනා  මුලින් පන්දුවට පහර දුන් බංගලාදේශ කන්ඩායම  පන්දුවාර  විස්ස  අවසානයේ   කඩුඵ    05  ක් දැවි ලකුණු 193 ක් ලබා  ගත්තේය.  ඊට පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර  16 යි පන්දු 4 ක් අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු  194 ක්  ලබා තරගය ජයගත්තේය.  බංග්ලාදේශයේ දී ඕනෑම කණ්ඩායමක් 20 යි 20 තරගයක දී හඹා ගොස් ජයගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසත් මෙය වාර්තා පොතට එක් විය.

බංග්ලාදේශයට එරෙහිව ඊයේ පැවති පළමු 20 යි 20 ක්‍රිකට් තරගයෙන් ශ්‍රීි ලංකාවට කඩුලු 6 ක විශිෂ්ට ජයක්

20 යි 20 තරග බිමේ ශ්‍රීි ලංකා පිල හඹා ගොස් ජයග්‍රහණය  කළ වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාවට හිමිකම් කියමින් බංග්ලාදේශයට එරෙහිව ඊයේ පැවති පළමු 20 යි 20 ක්‍රිකට් තරගය කඩුලු 6 ක විශිෂ්ට ජයක් වාර්තා කිරිමට ශ්‍රී ලංකා පිල සමත් විය.  එම ජයග්‍රහණයත් සමග තරග 2 කින් සමන්විත 20 යි 20 තරගාවලිය 1 ට බිංදුවක් ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රීි ලංකා පිලට හැකි විය.  කාසියේ වාසිය දිනා  මුලින් පන්දුවට පහර දුන් බංගලාදේශ කන්ඩායම  ඕවර  විස්ස  අවසානයේ   කඩුඵ    05  ක් දැවි ලකුණු 193 ක් ලබා  ගත්තේය.  ඊට පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර  16 යි පන්දු 4 ක් අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු  194 ක්  ලබා තරගය ජයගත්තේය.  බංග්ලාදේශයේ දී ඕනෑම කණ්ඩායමක් 20 යි 20 තරගයක දී හඹා ගොස් ජයගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසත් මෙය වාර්තා පොතට එක් විය.  දෙපිල අතර දෙවැනි හා අවසන් 20 යි 20 ක්‍රිකට් තරගය ලබන ඉරිදා පැවැත්වේ.

බංග්ලාදේශයත් සමග 20 යි 20 තරගාවලියෙන් අසේල ගුණරත්න ඉවතට

බංග්ලාදේශයත් සමග පැවැත්වෙන 20 යි 20 ක්‍රිකට් තරගාවලියෙන් අසේල ගුණරත්න ඉවත් වෙයි.  පුහුණුවීම් අතරවාරයේ ඔහු ආබාධයකට ලක්ව ඇත.  ඔහු අද පස්වරුවේ යලිත් ශ්‍රීි ලංකාවට පැමිණිමට නියමිතයි.  ප්‍රථම ඕවර් 20 යි 20 තරගය අද පස්වරු 4.30 ට ඇරඹේ.

බංග්ලාදේශයත් සමග 20 යි 20 තරගාවලියෙන් අසේල ගුණරත්න ඉවතට

බංග්ලාදේශයත් සමග පැවැත්වෙන 20 යි 20 ක්‍රිකට් තරගාවලියෙන් අසේල ගුණරත්න ඉවත් වෙයි.  පුහුණුවීම් අතරවාරයේ ඔහු ආබාධයකට ලක්ව ඇත.  ඔහු අද පස්වරුවේ යලිත් ශ්‍රීි ලංකාවට පැමිණිමට නියමිතයි.  ප්‍රථම ඕවර් 20 යි 20 තරගය අද පස්වරු 4.30 ට ඇරඹේ.

ශ්‍රී ලංකා-බංග්ලාදේශ පලමු පන්දුවාර විස්සයි විස්ස තරගය හෙට ඩකාහිදී

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පන්දුවාර විස්සයි විස්ස පලමු තරගය ඩකා අගනුවරදී හෙට පැවැත්වේ.  දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයායි.  තරගයට සහභාගිවීමට සිටි ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා වෛද්‍ය උපදෙස් මත තරගාවලියට සහභාගි නොවන අතර ඒ වෙනුවට යොවුන් ක්‍රීඩක  කුසල් මෙන්ඩිස් කණ්ඩායමට නම් කර තිබේ. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පන්දුවාර විස්සයි විස්ස තරග දෙකක් පැවැත්වෙන අතර ඒවා දිවා-රාත්‍රි තරග වෙයි.

දේශීය පුවත්

 

විදෙස් පුවත්