Sri Lanka Brodcasting Corporation

Mon07242017

Last updateMon, 24 Jul 2017 1pm

ක්‍රිඩා පුවත්

පලමු ටෙස්ට් තරගය සදහා ශ්‍රි ලංකා සංචිතය නම් කෙරේ.

සංචාරක ඉන්දිය ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රි ලංකා කණ්ඩායම අතර පලමු ටෙස්ට් තරගය ලබන 26 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිඩාංගනයේදි පැවැත්වේ. ඒ සදහා ශ්‍රි ලංකා කණ්ඩායම ක්‍රිකට් තේරිම් කමිටුව විසින් නම් කර තිබේ.. අසනිප තත්ත්වයක් හේතුවෙන් දිනේෂ් චන්දිමාල් පලමු තරගයට සහභාගිනොවේ. කණ්ඩායමේ නායකත්වය රංගන හේරත්ට පැවරි ඇත.

උපුල් තරංග. දිමුත් කරුණාරත්න. කුසල් මෙන්ඩිස්. ඇන්ජලෝ මැතිව්ස්. අසේල ගුණරත්න. නිරෝෂන් දික්වැල්ල. ධනංජය ද සිල්වා . දනුෂ්ක ගුණතිලක. දිල්රුවන් පෙරේරා. සුරංග ලක්මාල්. ලහිරු කුමාර. විශ්ව ප්‍රනාන්දු. මලින්ද පුෂ්පකුමාර හා නුවන් ප්‍රදිප් සංචිතයට ඇතුලත්ව සිටිති.

2017 ලෝක කාන්තා ක්‍රිකට් කුසලානය එංගලන්තයට

2017 ලෝක කාන්තා ක්‍රිකට් කුසලානය එංගලන්ත කණ්ඩායම දිනා ගනී. ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ලංඩනයේ ලෝඩ්ස් පිටියේදී ඊයේ පැවති අවසන් තරගය ලකුණු 9 කින් ජය ගැනීමට එංගලන්ත ක්‍රීඩිකාවෝ සමත් වූහ. කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුඑ 7 කට ලකුණු 228 ක් රැස් කළේ ය.

නතාලි චිවර් ලකුණු 52 යි. පිලිතුරු ඉණිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 48 යි පන්දු 4 දී සියල්ලන් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 219 ක් පමණි. පූනම් රවුට් කලුණු 85 යි. එංගලන්තය මෙවර ලෝක කුසලාන කාන්තා ශූරතාව හිමි කර ගත්තේ සිව්වන වරටයි.

ඔලිම්පික් ක්‍රිඩාව සදහා සහභාගි වි ඇති ක්‍රිඩක ක්‍රිඩිකාවන්ට විශේෂ රක්ෂණ ආවරණයක්

ශ්‍රි ලංකාව නියෝජනය කරමින් ඔලිම්පික් ක්‍රිඩාව සදහා සහභාගි වි ඇති ක්‍රිඩක ක්‍රිඩිකාවන් සදහා විශේෂ රක්ෂණ ආවරණයක් ලබාදිමට ශ්‍රි ලංකා ඔලිම්පියන්ස් සංගමය ඉදිරිපත්වේ. 1948 සිට මේ දක්වා ඔලිම්පික් තරගවලදි ශ්‍රි ලංකාව නියෝජනය කල ක්‍රිඩක ක්‍රිඩිකාවෝ 68 දෙනෙක් මේ වන විට ජිවතුන් අතර සිටිති. ඔවුන් වෙනුවෙන් විශේෂ සෞඛ්‍ය රක්ෂණයක් හා ජිවිත රක්ෂණයක් ලබාදිම සදහා මේ දිනවල ප්‍රමුඛ පෙලේ රක්ෂණ ආයතන සමග සාකච්ඡා පවත්වන බව ශ්‍රි ලංකා ඔලිම්පියන්ස් සංගමයේ ලේකම් දමන්ති දර්ශා මහත්මිය කියයි.

ඉන්දීය කණ්ඩායම හා ශ්‍රි ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම අතර පැවැත්වෙන දෙදින ක්‍රිකට් තරගයේ අවසන් දිනය අදයි

ඉන්දීය කණ්ඩායමත් ශ්‍රි ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිගේ කණ්ඩායමත් අතර දෙදින ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි.  මේ වන විට සිය ප්‍රථම ඉනිම සූඳහා පන්දුවට පහර දෙන ඉන්දිය පිල කඩුලු    ක් දැවී ලකුණු   ක් ලබා සිටී.  ශ්‍රි ලංකා ක්‍රිකට් සභාපතිගේ පිල ප්‍රථම ඉනිම සඳහා සියලුදෙනාම දැවී රැස්කලේ ලකුණු 187 ක් පමණි.  එහිදි ධනුෂ්ක ගුනතිලක ලකුණු 74 ක් වාර්තා කළ අතර ලහිරු තිරිමාන්න ලකුණු 59 ක් රැස්කලේය.

ක්‍රිඩා අමාත්‍යාංශය පිහිටුවා වසර 50 ක් පිරිීම නිමිත්තෙන් විශේෂ වැඩසටහන් කිහිපයක් සංවිධාන කෙරේ

ක්‍රිඩා අමාත්‍යාංශය පිහිටුවා වසර 50 ක් පිර්ීම නිමිත්තෙන් වැඩසටහන් කිහිපයක් සංවිධාන කිරිමට ක්‍රිඩා අමාත්‍යාංශය සැලසුම්කර තිබේ  මේ වසර ක්‍රිඩා අමාත්‍යාංශයේ ස්වර්ණ ජයන්ති වසර ලෙස නම්කොට ඇත  ජාත්‍යන්තරයේදි ශ්‍රි ලංකාව නියෝජනය කොට දැනට ජීවතුන් අතර සිටින සියලුම ක්‍රිඩක ක්‍රිඩිකාවන් විශේෂ ඇගයිමකට ලක්කෙරේ  ඔවුන්ට විශේෂ සම්මාන ප්‍රදානය කිරීමේ වැඩසටහනක් ලබන සඳුදා ජනාධිපති මන්දිරයේදි පැවැත්වෙයිඩ්  මිට අමතරව ක්‍රිඩා අමාත්‍යාංශය මෙහෙයවන 43 වැනි ජාතික මහා ක්‍රිඩා උළෙලට විශේෂාංග කිහිපයක ඇතුලත් කර ඇත  ක්‍රිඩා අමාත්‍යාංශයේ 50 ස් වසරක ඉතිහාසය ග්‍රන්ථයක් ලෙස එළිදැක්වීමඩ්€ ජාතික ක්‍රිඩා කෞතුකාගාරයක් ඉදිකිරීම මේ වසරේ සිදුකරන විශේෂ ව්‍යාපෘති අතර වන බව ක්‍රිඩා අමාත්‍යාංශය සඳහන් කරයිඩ්

ශ්‍රි ලංකා වේග පන්දු පුහුණුකරු චමින්ද වාස්

ශ්‍රි ලංකා ඉන්දිය කණ්ඩායම් අතර ගාල්ලේ පැවැත්වෙන පලමු ටෙස්ට් .තරගයේ දි ශ්‍රි ලංකා වේග පන්දු පුහුණුකරු ලෙස චමින්ද වාස් කටයුතු කිරිමට නියමිතයි. ඔහු මිට පෙරද ශ්‍රි ලංකා පිලේ පන්දු යැවිමේ පුහුණුකරු ලෙස කටයුතු කර ඇත. වේග පන්දු පුහුණුකරු ලෙස මිට පෙර ක්‍රියාකලේ චම්පක රාමනායකයි.

සංචාරක ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා සභාපතිවරයාගේ කණ්ඩායම අතර පුහුණු තරගයක් කොළඹ දී අද පැවැත්වේ.

සති 6 ක තරග සංචාරයක් සදහා දිවයිනට පැමිණි ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම හා ිශ්‍රී ලංකා සභාපතිවරයාගේ  කණ්ඩායම අතර පුහුණු තරගයක් කොළඹ සී සී සි ක්‍රිීඩාංගණයේ දී අද පැවැත්වේ.  එය අද පෙරවරු 10.00 ට ආරම්භ වීමට නියමිතයි.  ශ්‍රිී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර ටෙස්ට් තරග 3 ක් . එක්දින තරග 5 ක් හා පන්දුවාර 20 යි 20 එක් තරගයක් පැවැත්වීමට නියමිතයි.  පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ලබන 26 වැනිදා ඇරඹේ.  එක්දින තරග දඹුල්ල . පල්ලෙකැලේ හා කොළඹ ආර් ප්‍රේමදාස යන ජාත්‍යන්තර ක්‍රීඩාංගණවල දි පැවැත්වීමට විධිවිධාන යොදා තිබේ.

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

සති 6 ක තරග සංචාරයක් සදහා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ඊයේ දිවයිනට පැමිණියේය. ශ්‍රි ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර ටෙස්ට් තරග 3 ක් . එක්දින තරග 5 ක් හා පන්දුවාර 20 යි 20 එක් තරගයක් පැවැත්වීමට නියමිතයි. පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ලබන 26 වැනිදා ඇරඹේ. එක්දින තරග දඹුල්ල . පල්ලෙකැලේ හා කොළඹ ආර් ප්‍රේමදාස යන ජාත්‍යන්තර ක්‍රීඩාංගණවල දි පැවැත්වීමට විධිවිධාන යොදා තිබේ.
ඉන්දියාව සමග පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය සදහා හොඳ මානසිකත්වයෙන් තරග කිරීමට සුදානම් බව ශ්‍රි ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක උපුල් තරංග කියයි. මේ වනවිට ලෝකයේ ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල අංක එකේ සිටින ඉන්දියාව සමග හොඳ තරගයකට තම කණ්ඩායම සුදානම් බව කොළඹ අද පැවති මාධ්‍ය හමුවක දී ඔහු පැවසීය. ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාත් කෝලි ද පැවසුවේ තම කණ්ඩායම ශ්‍රි ලංකාව සමග හොඳ තරගයකට එක් වන බවයි.

නැගෙනහිර පලාත් අධ්‍යාපන කලාප තරගාවයිලේ ජය අම්පාර අධ්‍යාපන කලාපයට.

නැගෙනහිර පලාත් අධ්‍යාපන කලාප තරගාවලියේ ජය අම්පාර අධ්‍යාපන කලාපයට හිමිවෙයි . තරගාවලියේ දෙවැනි ස්ථානය මඩකලපුව පද්දීරුප්පු අධ්‍යාපන කලාපයට හිමිවිය. පළමු ස්ථානය දිනාගත් අම්පාර අධ්‍යාපන කලාපය  රන් පදක්කම් 21 ක් රිදී පදක්කම් 18 ක් සහ ලෝකඩ පදක්කම් 17 ක් දිනා ගැනීමට සමත් විය. තරගාවලිය මඩකලපුව බෙපර් ක්‍රිඩාංගනයේදී පසුගිය 15 වනදා ආරම්භ වී ඊයේ අවසන් විය.

මැලේසියානු විවෘත මලල ක්‍රිඩා උළෙලේදී ශ්‍රී ලංකාවට රන් පදක්කම් දෙකක්

මැලේසියානු විවෘත මලල ක්‍රිඩා උළෙලේදී රන් පදක්කම් දෙකක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය. ඊයේ ක්වාලාලාම්පුර් ක්‍රිඩාංගනයේ පැවැති මිටර් 400 කාන්තා තරගයේදී උපමාලිකා රණතුංග රන් පදක්කම දිනා ගත්තාය. ඒ සදහා තප්පර 53 යි දශම අටයි අටක කාලයක් ගතවිය. මීටර් 400 කාන්තා කඩුලු මතින් පැනීමේ ඉසව්වෙන් නිලුකා වික්‍රමසිංහ රන් පදක්කම දිනා ගත්තාය. ඒ සදහා ගත වු කාලය තප්පර 60 යි දශම තුනකි. ක්‍රිඩා උළෙලට එක්වී සිටින හේමන්ත කුමාර සහ සුමේධ රණසිංහ අද සිය ඉසව්වලට තරගවැදීමට නියමිතයි.


මේ අතර බහමාස් දිවයිනේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් අතර 6 වැනි යොවුන් ක්‍රිඩා උළෙලේ අද පැවැත්වෙන ඉසව් කිහිපයක් සදහා ශ්‍රී ලංකා ක්‍රිඩක ක්‍රිඩිකාවෝ තරගවදිති. ඊයේ පැවැති ජුඩෝ තරගවලදී නිතරග ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා ක්‍රිඩක ක්‍රිඩිකාවෝ සමත්වුහ. පිහිනුම් සහ බොක්සිං තරග සදහාද අද ශ්‍රී ලංකාව එක්වන අතර18 න් පහල රගර් කණ්ඩායම අද තරග 3 කට සහභාගීවීමට නියමිතයි

දේශීය පුවත්

 

විදෙස් පුවත්