Sri Lanka Brodcasting Corporation

Sat07212018

Last updateWed, 11 Jul 2018 10am

දේශීය පුවත්

දුම්රිය රියදුරු වර්ජනය තවදුරටත්

දුම්රිය රියදුරන්ගේ සංගමය ඊයේ මධ්‍යම රාත්‍රියේ ආරම්භ කළ වැඩවර්ජනය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේදී අද දහවල් පැවැත්වින. අමාත්‍යංශයේ ලේකම් සේන විතානගේ . දුම්රිය සාමාන්‍යාධිකාරි එස්. මහනාම අබේවික්‍රම යන මහත්වරු ද ලෝකොමොටිව් ඉංජිනේරු වෘත්තිය සමිතියේ නියෝජිතයෝ ඊට එක්ව සිටියහ. අමාත්‍යංශයේ ලේකම්වරයා එහිදී පැවසුවේ දුම්රිය සහයකයන් බඳවා ගැනීම සදහා වු තරග විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් රියදුරු සහයකයන්ගේ සංගමය ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනුකර නීතිපති මගින් තීන්දුවක් ලබාදී ඇති බවයි. අධිකරණ තීන්දුවක් රාජ්‍ය සේවකයෙකුට වෙනස් කළ නොහැකිය. ගැටඵව විසදා ගැනීමට කැපවී ක්‍රියාකරන බවත්. ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ උපදෙස් තමාට ලැබි ඇති බවත් ලේකම්වරයා පැවසීය. ඉදිරියේදී පැවැත්වෙන අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටින සිසුන්ට හා සාමාන්‍ය ජනතාවට සිදුවන අපහසුතා සලකා බලා වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අත්හැර සාකච්ඡා මගින් ගැටඵව නිරාකරණය කර ගැනීමට මැදිහත් වන්නැයි ලේකම්වරයා වෘත්තිය සමිති නියෝජිතයන්ගෙන් ඉල්ලීමක් කළේය.
කෙසේ වෙතත් වැඩවර්ජනය තවදුරටත් ක්‍රියාත්මක වුවද එමගින් මගී ජනතාවට සිදුවන අපහසුතා මගහැරවීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගෙන ඇතැයි ජාතික ගුවන් විදුලියට අදහස් දැක්වු ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය ඇමති අශෝක අබේසිංහ මහතා පැවසීය.

විශේෂාංග පුවත්

 

විදෙස් පුවත්