Sri Lanka Brodcasting Corporation

Mon12112017

Last updateMon, 11 Dec 2017 10am

දේශීය පුවත්

වායු දුෂණය වැළැක්වීමට ශ්‍රී ලංකාව ගෙන ඇති තීරණ කෙරෙහි ජගත් පරිසර සමුඵවේදී ප්‍රසාදය.

එක්සත් ජාතින්ගේ පාරිසරික සමුඵවේදී ශ්‍රී ලංකාවේ සම අනුග්‍රහයෙන් ඉදිරිපත් කෙරුනු වැදගත් යෝජනා දෙකකට ඒකමතිකව අනුමැතිය ලැබේ.  පරිසරයට. සාගරවලට සහ මානව සෞඛ්‍යයට අහිතකර විපාක ගෙනදෙන විෂ සහිත පරිසර දුෂණ කාර්යයන් අඩු කරන්නැයි එමගින් අන්තර්ජාතික ප්‍රජාවගෙන් ඉල්ලීමක් කෙරින.  සමුඵවට සහභාගිවු ශ්‍රී ලංකා නියෝජිත පිරිසේ නායකත්වය දැරුවේ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශයේ ලේකම් අනුර දිසානායක මහතායි.  වාහනවලින් සිදුවන වායු දුෂණය අවම කිරීමට සහ නාගරික ප්‍රදේශවල වායුවේ ගුණාත්මක තත්ත්වය වැඩිදියුණු කිරීමට ශ්‍රී ලංකාව ගෙන ඇති ක්‍රියාමාර්ග එක්සත් ජාතින්ගේ පරිසර වැඩසටහනේ විද්‍යාත්මක අංශයේ ප්‍රසාදයට ලක්විය.  ශ්‍රී ලංකාවේ ප්‍රකාශනය ඉදිරිපත් කළ අනුර දිසානායක මහතා  පරිසර අමාත්‍යංශය ජනාධිපතිතුමා භාරගත් පසු ප්‍රගතිශිලි පාරිසරික ප්‍රතිපත්ති ගණනාවක් හදුන්වාදී ඇතැයි පැවසිය.  ලබන වසර සදහා වන අයවැයේදී නිලහරිත ව්‍යවසාය ශ්‍රී ලංකාව යන සංකල්පය යටතේ වැඩසටහන් ගණනාවක් යෝජනා කර ඇතැයි ද ඔහු සදහන් කළේය.  ඉදිරි තෙවසර තුළ පරිසර තත්ත්වය වැඩිදියුණු කිරීම අරමුණු කර ඒවා ක්‍රියාත්මක කෙරේ.  කෘෂි රසායන. පලිබෝධ නාශක. වල්නාශක මගින් ඇති වන සෞඛ්‍ය විපත් අවම කිරීමටත් කාබනික ගොවිතැන් දිරිගැන්වීමටත් රජය ක්‍රියාකර ඇතැයි ඔහු පැවසීය.

විශේෂාංග පුවත්

 

විදෙස් පුවත්