Sri Lanka Brodcasting Corporation

Mon12112017

Last updateMon, 11 Dec 2017 10am

දේශීය පුවත්

ජාතික භාෂා ප්‍රතිපත්තිය වෙනුවෙන් මනෝ ගනේෂන් ඇමතිවරයාගේ කැපවීම විපක්ෂයේ ඇගයීමට.

ජාතික සහජීවනය සංවාද හා රාජ්‍ය භාෂා . කඳුරට නව ගම්මාන. යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ. පුනරුත්ථාපන. නැවත පදිංචි කිරීම් හා හින්දු ආගමික කටයුතු යන අමාත්‍යංශවල වැය ශිර්ෂ අද පාර්ලිමේන්තුවේදී සාකච්ඡාවට ගැනුනි.
රටේ ආර්ථිකයට වැඩි දායකත්වයක් ලබාදෙන වතුකරයේ ජනතාවට අවශ්‍ය මුලික පහසුකම් ලබාදිය යුතු බව සාකච්ඡාවට එක්වු පාර්ලිමේන්තු මන්ත්‍රි ඩග්ලස් දේවානන්දා මහතා පැවසීය. ජාතික භාෂා ගැටඵව විසදීමට ඇමති මනෝ ගනේෂන් මහතා ගන්නා උත්සාහය මන්ත්‍රිවරයාගේ ඇගයීමට ලක්විය.
පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර මහතා පැවසුවේ රටක් සංවර්ධනය කිරීමට ආර්ථික සමානතාව මෙන්ම ජනවාර්ගික සමානතාව ද අවශ්‍ය බවයි. එය ආරම්භ කළ හැක්කේ රට තුළ භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමෙන් පමණි. ඒ සදහා ඇමති මනෝෂන් මහතා ගන්නා උත්සාහය මන්ත්‍රිවරයා අගය කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රි කේ. කේ. පියදාස මහතා සාකච්ඡාවට එක්වෙමින් වතුකරයේ ජනතාව සදහා වන රජයේ වැඩපිළිවෙල කඩිනම් කළ යුතු බව පැවසීය.
පසුගිය ජනාධිපතිවරණයේදී හා මහ මැතිවරණයේදී ලැබු ජයග්‍රහණ සංහිදියාව වෙනුවෙන් ලැබුනු ජයග්‍රහණ බව පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂණ රාජකරුණා මහතා පැවසීය.
පසුගිය රජය කිසිදු තක්සේරුවක් නොකර බලහත්කාරයෙන් ඉඩම් අත්කරගෙන ඇති බවත්. ඒ සදහා කිසිදු වන්දියක් ගෙවා නැති බවත්. මිරිජ්ජවිල සුරියවැව අඩි 100 මාර්ගය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අද කරුණු පැහැදිලි කරමින් සභානායක ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය. පාර්ලිමේන්තු මන්ත්‍රි නිහාල් ගලප්පත්ති මහතා යොමුකළ ප්‍රශ්නයකට පිලිතුරු වශයෙන් ඔහු ඒ බව සදහන් කළේය. මිරිජ්ජවිල-සුරියවැව මාර්ගය පුඵල් කිරීම හේතුවෙන් ජනතාවගේ ඉඩම් අත්පත් කර ගැනීම වෙනුවෙන් ඔවුන්ට හිමිවිය යුතු වන්දි ගෙවන බවද ඇමතිවරයා පැවසීය. රුපියල් කෝටි 199 ක මුදලක් වන්දි වශයෙන් ගෙවිය යුතුව පවති. වන්දි ගෙවීම දැනටමත් ආරම්භ කර තිබේ.

විශේෂාංග පුවත්

 

විදෙස් පුවත්