Sri Lanka Brodcasting Corporation

Mon12112017

Last updateMon, 11 Dec 2017 10am

දේශීය පුවත්

අපොස සාමාන්‍ය පෙළ විභාගයේ අනිවාර්ය විෂය සංඛ්‍යාව හයකට සීමා කිරීම කෙරෙහි අවධානය.

අපොස සාමාන්‍ය පෙළ විභාගයේ අනිවාර්ය විෂයන් සංඛ්‍යාව ඉදිරියේදී හයකට සීමා කිරීම කෙරෙහි අවධානය යොමුවී ඇතැයි අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා කියයි.  නුගේගොඩ අනුලා විද්‍යාලයේදී අද පැවති ජාතික සුරක්ෂා සිසු රක්ෂණාවරණ දින ජාතික උත්සවයට එක්වෙමින් ඔහු ඒ බව සදහන්  කළේය.  එම ප්‍රධාන විෂයන්ට අමතරව සියලු සෙසු විෂයයන් ප්‍රායෝගික මෙන්ම දියුණු ඇගයීම් ක්‍රමයකට අනුව සැලසුම් කර විෂය මාලාවල පුඵල් වෙනසක් ඉදිරියේදී සිදුකරන බවද ඇමතිවරයා පැවසීය.  සුරක්ෂා සිසු රක්ෂාවරණය ලබා ගැනීම සදහා සිසුන්ට අවශ්‍ය නිසි මගපෙන්වීම ලබාදෙන්නැයි ඇමතිවරයා සියලු විදුහල්පතිවරුන්ගෙන් හා ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටියේය. සිසු දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වු අනාගත භාරධුර වගකිම පිළිබඳව වත්මන් රජය නිරතුරු අවධානයෙන් පසුවන බවද ඔහු සදහන් කළේය.   ජාතික උත්සවයට සමගාමිව දිවයිනපුරා පාසල්වල ජාතික සුරක්ෂා සිසු රක්ෂණාවරණ දින වැඩසටහන සංවිධාන කර තිබින.

විශේෂාංග පුවත්

 

විදෙස් පුවත්