Sri Lanka Brodcasting Corporation

Sat07212018

Last updateWed, 11 Jul 2018 10am

දේශීය පුවත්

ශ්‍රි ලංකා ජනාධිපතිතුමාට සෝල් මෙට්ට්‍රොපොලිටන් නගරයේ ගෞරවනිය පුරවැසිභාවය

දකුණු කොරියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාට එරට රජයේ උපහාරය පිරිනමමින් සෝල් මෙට්ට්‍රොපොලිටන් නගරයේ ගෞරවනිය පුරවැසිභාවය පිරිනමා තිබේ. සෝල් මෙට්ට්‍රොපොලිටන්හි නගරාධිපති පාර්ක් මොන් සූන් මහතාගේ නිල කාර්යාලයේ අද පෙරවරුවේ පැවති විශේෂ උත්සවයකදී එතුමාට එම ගරු පුරවැසිභාවය පිරිනැමිනි. ශ්‍රි ලංකාවේ සංවර්ධනය සඳහා මෙන්ම ජාත්‍යන්තර සබදතා ශක්තිමත්කර ගැනිම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා තුල පවතින නොපසුබට උත්සාහය හා වෙහෙස නොබලා දරන වෑයම තමන් බෙහෙවින් අගය කරන බව නගරාධිපතිවරයා පැවසිය. එයට ගෞරවයක් ලෙස මෙන්ම සමීප මිත්‍රත්වයේ සංකේතයක් ලෙස මෙම ගරු පුරවැසිභාවය පිරිනමන බව ද ඔහු සඳහන් කලේය. ගරු පුරවැසිභාවය නිල වශයෙන් ප්‍රදානය කිරිමේ සහතිකය පිරිනැමිමෙන් පසුව සෝල් මෙට්ට්‍රෝපොලිටන් නගරාධිපතිවරයා පුරවැසිභාවයේ පදක්කම් ද ශ්‍රි ලංකා ජනාධිපතිවරයාට පැලදවීය.
පුරවැසිභාවය පිරිනැමිම මගින් මෙට්ට්‍රොපොලිටන් සුන්දර නගරයේ පාර්ශවකරුවෙකු වීමට අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් එහි නගරාධිපතිවරයාට හා නගර වැසියන්ට සිය කෘතඥතාව පලකල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා එය තමාට පමණක් නොව ශ්‍රි ලංකා රජයටත්. ජනතාවටත් දැක්වු ගෞරවයක් ලෙස පිළිගන්නා බව සඳහන් කලේය. ඩිජිටල් ඉලෙක්ට්‍රොනික පද්ධතියක් මග්ින් සෝල් මෙට්ට්‍රොපොලිටන් නගරය මෙහෙයවන ආකාරය පාලන මැදිරියේදී දැකබලාගත් ජනාධිපතිතුමා එම සාර්ථක අත්දැකිම් කොළඹ නගර සැලැස්මේදි උපයෝගි කරගන්නා බව ද සඳහන් කලේය.

විශේෂාංග පුවත්

 

විදෙස් පුවත්