Sri Lanka Brodcasting Corporation

Wed12192018

Last updateSat, 15 Dec 2018 1pm

දේශීය පුවත්

විභාග කොමසාරිස් ජනරාල්වරයා අධ්‍යාපන අමාත්‍යාංශයට අනුයුක්ත කෙරේ

 

විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්. එම්. එන්. ජේ. පුෂ්පකුමාර මහතා අධ්‍යාපන අමාත්‍යාංශය වෙත අනුයුක්ත කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. මෙම පියවර ගෙන ඇත්තේ විභාග දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් මේ දිනවල සිදුකෙරෙන විශේෂ විමර්ශනය අතරතුරයි.  විභාග දෙපාර්තමේන්තුවේ පසුගිය කාලයේ සිදුවු විභාග පැවැත්විම්. උත්තර පත්‍ර පරික්ෂාව. ප්‍රශ්න පත්‍ර සම්පාදනය. ප්‍රශ්න පත්‍ර සම්පාදන මණ්ඩලය නම් කිරිම. විභාග සම්බන්ධ රහස්‍ය භාවය ආරක්ෂා කිරිම හා මුල්‍ය භාවිතය ඇතුඑ කටයුතු කිහිපයක් පිළිබඳව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් මත විශේෂ විමර්ශනයක් පැවැත්වේ.  අමාත්‍යාංශ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා විසින් මෙම පියවර ගෙන ඇත්තේ අදාල විමර්ශන කණ්ඩායමේ නිර්දේශ සහ තමාට ස්ථාන මාරුවක් ලබාදෙන ලෙසට විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් කරන ලද ඉල්ලීමක් ද සැලකිල්ලට ගනිමින් බව අමාත්‍යාංශය කියයි.

විශේෂාංග පුවත්

 

විදෙස් පුවත්