Sri Lanka Brodcasting Corporation

Mon02192018

Last updateSun, 18 Feb 2018 6pm

දේශීය පුවත්

රටක් වශයෙන් ඉදිරියට යාමේදි කාන්තා නියෝජනය ඉතා වැදගත් බව ජනපති කියයි

 

රටක් වශයෙන් ඉදිරියට යාමේදී සහ යහපත් රටක් ගොඩනැගීමේ කාන්තා නියෝජනය ඉතා වැදගත් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පවසයි. වත්මන් රජය මේ වන විට රාජ්‍ය සේවය තුල කාන්තාවට නිසි තැන ලබාදී තිබේ. ව්‍යවස්ථාදායකය තුල ද කාන්තාවට නිසි තැන ලබාදිමට ඉදිරියේදී කටයුතු කෙරේ. කාන්තා නියෝජනයේ ඇති වැදගත් බව වත්මන් රජය හොඳින් අවබෝධකරගෙන සිටී. ලොව සංවර්ධනය වන රටවල රැසක කාන්තාවන්ට සුවිශේෂී ස්ථානයක් හිමිව ඇත . ජර්මනිය කැනඩාව වැනි රටවල අමාත්‍ය මණ්ඩලයේ හරි අඩක් කාන්තාවෝ වෙති. වත්මන රජය යටතේ කාන්තා නියෝජනය වෙනුවෙන් නීති සම්පාදනය කරමින් ක්‍රියාත්මක කරන බවද ජනාධිපතිතුමා සඳහන් කලේ කොළඹ බණ්ඩානාරයක සම්මන්ත්‍රන ශාලාවේ ඊයේ පැවති වැඩසටහනකට සහභාගි වෙමිනි.

ඇයට බලයක් රටට වෙනසක් යන තේමාව යටතේ පළාත්සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සහ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය එක්ව වැඩසටහන සංවිධාන කර තිබිණ. ඇයට බලයක් රටට වෙනසක් ෆේස්බුක් ගිණුම ආරම්භ කිරිම ද ජනාධිපතිතුමා අතින් මෙහිදි සිදුකෙරිණ.

විශේෂාංග පුවත්

 

විදෙස් පුවත්