Sri Lanka Brodcasting Corporation

Tue09182018

Last updateMon, 30 Jul 2018 10am

දේශීය පුවත්

මෙරට මානව හිමිකම්වල ප්‍රගතිය අද ජගත් මානව හිමිකම් කවුන්සිලයේ සමාලෝචනයට

 

ශ්‍රි ලංකාවේ මානව හිමිකම් වාර්තාව එක්සත් ජාතින්ගේ  මානව හිමිකම් කවුන්සිලයේ විශ්ව කාලාන්තර සමාලෝචන ක්‍රියාකාරී කණ්ඩායමේ සමාලෝචනයට භාජනය කිරිම  අද ජිනිවා නුවරදි සිදුවෙයි. විශ්ව කාලාන්තර සමාලෝචනය යනු එක්සත් ජාතින්ගේ සෑම සාමාජික රාජ්‍යයකම මානව හිමිකම් වාර්තාව සෙසු  සාමාජික රාජ්‍ය විසින් සමාලෝචනය කිරිමේ  ක්‍රියා පටිපාටියකි. 2006 වසරේ සිට එය ක්‍රියාත්මකයි.  ශ්ර්‍‍රි ලංකාව  විශ්ව කාලාන්තර සමාලෝචනයට 2008 වසරේදි සහ 2012 වසරේදී ද භාජනය විය.  මෙම  සමාලෝචනයට සහභාගි වීම පිණිස වන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රමුඛ ශ්‍රි ලංකා නියෝජිත පිරිස ජිනීවා නුවරට ගොස් සිටී.

ශ්‍රි ලංකාවේ මානව  හිමිකම් වාර්තාව එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ විශ්ව කලාන්තර සමාලෝචන ක්‍රියාකාරී කණ්ඩායමේ සමාලෝචනයට මෙවර ලක්වන්නේ මානව හිමිකම් සුරැකිම සම්බන්ධයෙන්  ඉහළ ගෞරවයක් හිමි කරගෙන ඇති අවස්ථාවක බව මානව හිමිකම්  ක්‍රියාකාරිණියක වන ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු මහත්මිය පවසයි

විශේෂාංග පුවත්

 

විදෙස් පුවත්