Sri Lanka Brodcasting Corporation

Mon02192018

Last updateSun, 18 Feb 2018 6pm

දේශීය පුවත්

ශ්‍රි ලංකාවේ මානව හිමිකම් වාර්තාව සමාලෝචනයට

ශ්‍රි ලංකාවේ මානව හිමිකම් වාර්තාව එක්සත් ජාතින්ගේ  මානව හිමිකම් කවුන්සිලයේ විශ්ව කාලාන්තර සමාලෝචන ක්‍රියාකාරී කණ්ඩායමේ සමාලෝචනයට භාජනය කිරිම  ජිනිවා නුවරදි හෙට සිදුවෙයි.  විශ්ව කාලාන්තර සමාලෝචනය යනු එක්සත් ජාතින්ගේ සෑම සාමාජික රාජ්‍යයකම මානව හිමිකම් වාර්තාව සෙසු  සාමාජික රාජ්‍ය විසින් සමාලෝචනය කිරිමේ  ක්‍රියා පටිපාටියකි.

මෙය  2006 වසරේ සිට ක්‍රියාත්මකයි.  මෙම ක්‍රියාපටිපාටියේදි   සමාලෝචනයට බදුන් වන  රට  සිය මානව හිමිකම් තත්ත්වය පිළිබඳ  ලිඛිත වාර්තාවක් ඉදිරිපත් කර මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ පෙනී සිටි. එහිදි  සෙසු සාමාජික රටවල් එම රටේ මානව හිමිකම් තත්ත්වය  සම්බන්ධයෙන් වන සිය නිර්දේශය ඉදිරිපත් කරයි. එම නිර්දේශ පිළිගැනිමට නැත්නම් සටහන් කර ගැනිමට  සමාලෝචනයට භාජනය වන  රාජ්‍යයට හැකිය.  එසේ පිළිගන්නා නිර්දේශ අනාගතයේදි එම රට  කළ යුතු වාර්තාවල පදනම බවට පත්වන බව  විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

  ශ්ර්‍‍රි ලංකාව  විශ්ව කාලාන්තර සමාලෝචනයට 2008 වසරේදි   2012 දීත් භාජනය විය.  හෙට ආරම්භ වන තුන්වැනි අවස්ථාවේදි ජපානය.    චෙක් ජනරජය .  පාකිස්ථානය . කොරියානු ජනරජය .ස්විට්සර්ලන්තය . යුක්රේනය ඇතුඵ රටවල් 15 ක්ද සමාලෝචනයට භාජනය කෙරේ .මෙම  සමාලෝචනයට සහභාගි වන ශ්‍රි ලංකා නියෝජිත පිරිසේ නායකත්වය දරන්නේ  ජාතික  ප්‍රතිපත්ති හා ආර්ථික  කටයුතු නියෝජ්‍ය ඇමති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාය.  විදේශ කටයුතු අමාත්‍යංශයේ. 

ජනාධිපති කාර්යාලයේ. නිතිපති දෙපාර්තමේන්තුවේ සහ ජිනිවා නුවර එක්සත් ජාතින්ගේ  නිත්‍ය නියෝජිත කාර්යාලයේ නියෝජිතයෝ පිරිසක් ඊට ඇතුළත්  වෙති ජාතික ප්‍රතිපත්තිය ලෙස ශ්‍රි ලංකාවේ සියලුම පුරවැසියන්ගේ මානව හිමිකම් සුරැකීමට . ප්‍රවර්ධනය කිරිමට සහ ඉහළට ඔසවා තැබිමට සම්මුතිවාදි  රජය දැඩි කැපවිමකින් ක්‍රියාකරයි.  දේශිය වශයෙන් හා ජාත්‍යන්තර වශයෙන් මානව හිමිකම් ප්‍රවර්ධනය හා සුරැකීම සදහා ශ්‍රි ලංකාව එක්සත් ජාතින්ගේ  මානව හිමිකම් කවුන්සිලය සමගත්  එම සංවිධානයේ  සියලුම සාමාජික රාජ්‍යයන් සමගත් ඵලදායි ලෙස අඛන්ඩව කටයුතු කරන බව ද විදේශ කටයුතු අමාත්‍යංශය පවසය.

විශේෂාංග පුවත්

 

විදෙස් පුවත්