Sri Lanka Brodcasting Corporation

Sun01212018

Last updateSun, 21 Jan 2018 8pm

දේශීය පුවත්

පළාත්පාලන ඡන්ද විමසීමට අදාල කෙටුම්පත මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට භාරදිම හෙට

ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීමට අදාල සංස්ථාපන නියමයන් ඇතුලත් කෙටුම්පත ඇමති ෆයිසර් මුස්තාපා මහතා හෙට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාට භාරදෙයි. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රමුඛ සාමාජිකයන්ගේ නිර්දේශ හා යෝජනා ලබාගැනිම එහි අරමුණයි. ඔවුන්ගෙන් නිර්දේශ හා යෝජනා ලැබුන හොත් ඒවා කෙරෙහිද අවධානය යොමුකර එම කෙටුම්පත ලබන සතියේ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්කරන බව පළාත්සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් කමල් පද්මසිරි මහතා කියයි. ඉන් පසුව මැතිවරණ කොමිසමට පළාත් පාලන ඡන්ද විමසිම පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත්කිරීමට හා ඒ සඳහා නාමයෝජනා කැඳූවිමට හැකිය. මේ අතර අප කළ විමසුමකදි අතිරේක මැතිවරණ කොමසාරිස් එම් එම් මොහොමඩ් මහතා පැවසුවේ මැතිවරණ කොමිසම පළාත් පාලන ඡන්ද විමසීමට අදාල කටයුතු මේ වන විට සංවිධාන කරන බවයි. පක්ෂ දැනුවත් කිරිම දැනටමත් ආරම්භ කර තිබේ. ඡන්ද මධ්‍යස්ථාන පවත්වන ස්ථාන හඳුනාගැනිම ද දැන් සිදුවෙයි. ඡන්ද විමසිම සඳහා ලියාපදිංචි පක්ෂ 70 ක් සුදුසුකම් ලබා තිබේ.
2017 ඡන්ද හිමි නාමලේඛණ අනුමත කිරීම අද සිදුකෙරුණු බව අතිරේක මැතිවරණ කොමසාරිස් වරයා පැවසිය. දිස්ත්‍රික් මට්ටමින් අතිරේක මැතිවරණ කොමසාරිස්. සහකාර මැතිවරණ කොමසාරිස් හෝ තේරීම්භාර නිලධාරින් වන දිසා ලේකම්වරු ඒවා අනුමත කළහ. ඒ අනුව 2017 ඡන්ද හිමි නාමලේඛනය අද සිට වලංගු වන බව ද ඔහු ඳහන් කලේය.

විශේෂාංග පුවත්

 

විදෙස් පුවත්