Sri Lanka Brodcasting Corporation

Mon08202018

Last updateMon, 30 Jul 2018 10am

දේශීය පුවත්

පෞද්ගලික ආයෝජන ඉහළ නැංවීමට රජයෙන් සැලසුම්.

සංවර්ධන කාර්යයේදී පෞද්ගලික ආයෝජන ඉහළ නැංවීමට රජය සැලසුම් කර ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කියයි.  එහිදී ප්‍රාදේශීය මට්ටමින් කුඩා ව්‍යාපාර වැඩිදියුණු කිරීම කෙරෙහි ප්‍රමුඛ අවධානයක් යොමුකෙරේ.  කුඩා ව්‍යාපාර සංවර්ධනයේදී කාන්තාවන්ට ලබාදිය හැකි දායකත්වය සම්බන්ධයෙන්ද සොයා බැලේ.  ඒ අනුව කාන්තා කටයුතු සැලසුම් කිරීම සහ අවශ්‍ය උපදෙස් සැපයීම සදහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් කාන්තාවන්ට පමණක්ම වෙන්වු සංවර්ධන සහකාර තනතුරක් ඇතිකරන බව අගමැතිවරයා පැවසුවේ අරලියගහ මන්දිරයේ අද පෙරවරුවේ පැවැති උත්සවයකදීය.

 රජයේ සංවර්ධන වැඩපිලීවෙල සහ රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳව රජයේ නිලධාරීන් දැනුවත් කිරීම සදහා එය සංවිධාන කර තිබිණි.  ඇමති වජිර අබේවර්ධන මහතා එහිදී පැවසුවේ රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී රාජ්‍ය නිලධාරීන්ට සුවිශේෂි වගකීමක් පැවරෙන බවයි.

විශේෂාංග පුවත්

 

විදෙස් පුවත්