Sri Lanka Brodcasting Corporation

Tue06192018

Last updateTue, 19 Jun 2018 7am

දේශීය පුවත්

අතුරුදන්වුවන් පිලිබඳ කාර්යාලය පිහිටුවීම සම්බන්ධයෙන් විවිධ පාර්ශව වල ප්‍රසාදය

අතුරදන්වුවන් පිලිබඳ කාර්යාලය පිහිටුවීමට අදාල ගැසට් නිවේදනය නිකුත්වීම පිලිබඳව විවිධ පාර්ශවවල ප්‍රසාදය පලවෙයි.  ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ඊයේ එම ගැසට් නිවේදනයට අත්සන් තැබිය.  එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30 වැනි සැසි වාරයේ ආරම්භ දේශනය පවත්වමින් එක්සත් ජාතින්ගේ මානවහිමිකම් මහ කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් මහතා ද අතුරුදන් වුවන් පිළිබඳ කාර්යාලයේ කටයුතු කඩිනමින් ආරම්භ කළ යුතු බව සඳහන් කලේය.  පසුගිය 30 වැනිදාට යෙදි තිබු අතුරුදන්වුවන් පිළිබඳ ජාත්‍යන්තර දිනයේදි කොළඹදි රැස්වු අතුරුදන්වුවන්ගේ ඥාතිහුද අතුරුදන්වු තම ඥාතින්ට සාධාරණය ඉෂ්ට කිරිමේ අවශ්‍යතාව අවධාරණය කලහ.  එදින වව්නියාවේදී උද්ඝෝෂණයක් පැවත්වීය.

විශේෂාංග පුවත්

 

විදෙස් පුවත්