Sri Lanka Brodcasting Corporation

Thu02222018

Last updateWed, 21 Feb 2018 6pm

දේශීය පුවත්

සියලු පළාත්සභා සඳහා එකම දිනක මැතිවරණ පැවැත්විමේ යෝජනාවට බස්නාහිර ප්‍රධාන ඇමතිවරයාගේ එකගත්වය

සියලුම පළාත්සභා සඳහා එකම දිනක මැතිවරන පැවැත්වීමට තමා එකග බව බස්නාහිර පළාත් ප්‍රධාන ඇමති ඉසුර දේවප්‍රිය මහතා කියයි.  කෙසේ වෙතත් පළාත්සභා මැතිවරණ පැවැත්විය යුත්තේ 2019 ඔක්තෝබර් මාසයේදිය.  ඊට පෙර එම මැතිවරණ පැවැත්වීමේ කිසිඳු අවශ්‍යතාවක් නැතැයි ප්‍රධාන ඇමතිවරයා පැවසුවේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදිය.   බස්නාහිර පළාත්සභාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය පිළිබඳව පැහැදිලි යෝජනාවක් රජයට ඉදිරිපත් කළ අතර රජය එය පිළිගෙන ඇතැයි ප්‍රධාන ඇමතිවරයා පැවසිය.  එම සංශෝධනයේ එකගවිය නොහැකි කරුණුවලට තමන් විරුද්ධ වන බව ද ඔහු අවධාරණය කලේය.  කෙසේ වෙතත් 20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් ඇතැම් පළාත් සභාවල බෙදිමක් පවතින බැවින් එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සම්මත විය යුතු බව ප්‍රධාන ඇමතිවරයා පැවසිය.

විශේෂාංග පුවත්

 

විදෙස් පුවත්