Sri Lanka Brodcasting Corporation

Mon05282018

Last updateSun, 27 May 2018 2pm

දේශීය පුවත්

කුමණ නින්දා අපහාස හා චෝදනා එල්ලවුද පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැංවීමේ අභියෝගය ජයගන්නා බව ජනාධිපතිතුමා කියයි.

 

ඉහළ සිට පහළට වංචාව. සොරකම. හා දුෂණය පැතිර ගිය මෙරට දේශපාලන සංස්කෘතිය එකවර වෙනස් කළ නොහැකි බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා කියයි. එහෙත් අවංකව කටයුතු කරන සහ රටට ඇලුම්කරන දේශපාලනඥයන් පිරිසක් බිහිකිරීමේ දුෂ්කර කාර්යයට වත්මන් ්රජය උරදී සිටී. කුමණ නින්දා අපහාස හා චෝදනා හමුවේ වුවද එම අභියෝගය ජය ගනිමින් ජනතාව අපේක්ෂා කරන පිරිසිදු දේශපාලන සංස්කෘතිය රටතුළ ගොඩනංවන බවට ජනාධිපතිතුමා සහතික වෙයි . මහවැලි එච් කලාපයේ ගොවි ජනතාවට ඉඩම් ඔප්පු පිරිනැමීම නිමිත්තෙන් තලාව ක්‍රිඩාංගනය අද පෙරවරුවේ පැවැති උත්සවයක් අමතමින් එතුමා ඒ බව සදහන් කළේය. විවේචන සහ චෝදනා කොතෙක් එල්ල වුවද කිසිදු රජයක් ඉටු නොකල වැඩකොටසක් වත්මන ්රජය කෙටි කලක් තුළ රටත් ජනතාවත් වෙනුවෙන් ඉටුකර තිබේ. ගොවි ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කර එමගින් ජාතික ආර්ථිකය ගොඩනැංවීමේ කාර්යයට රජය ප්‍රමුඛස්ථානයක් ලබාදී ඇතැයිද ජනාධිපතිතුමා පැවසීය. රටේ බහුතරයක් ගොවි ජනතාවගේ සිහින මල්පල ගැන්වෙන මොරගහකන්ද ව්‍යාපෘතිය යටතේ පෙර රජ දවසින් පසු වැව් විශාල සංඛ්‍යාවක් එකවර රටතුළ පිළිසකර කරන බවද එතුමා පෙන්වා දුන්නේය. එමගින් එම ප්‍රදේශවල ගොවි ජනතාවගේ ජීවිත සමෘද්ධීය කරා ගමන් කරනු ඇතැයි ජනාධිපතිතුමා විශ්වාසය පල කලේය.

මහවැලි ජනපදිකයන්ට ඉඩම් ඔප්පු ලක්‍ෂයක් බෙදාදීමේ ජාතික වැඩසටහන යටතේ මහවැනි එච් කලාපයේ ගොවි ජනතාවට ඉඩම් ඔප්පු 6200 ක් පිරිනැමීම එහිදී සිදුවිය. එය සංකේතවත් කරමින් සිය දෙනෙකුට ජනාධිපතිතුමා ඔප්පු ප්‍රදානය කළේය.
එම උත්සවයෙන් අනතුරුව එප්පාවල සමුපකාර සමිති පරීශ්‍රය වෙත ගිය ජනාධිපතිතුමා තමා එහි සැපයුම් නිලධාරියෙකු ලෙස සේවය කළ අවදියේ තමන් සමග කටයුතු කළ හිතවත් සේවකයන් හමුවී සුහද කථාබහක නිරත විය

විශේෂාංග පුවත්

 

විදෙස් පුවත්