Sri Lanka Brodcasting Corporation

Mon10232017

Last updateMon, 23 Oct 2017 6pm

දේශීය පුවත්

ශ්‍රී ලංකාවට ලැබෙන විදේශාධාර ඉහළට.

 

ශ්‍රී ලංකාවට ලැබෙන විදේශාධාර ප්‍රමාණය ඉහළ යයි. මේ වසරේ මුල් මාස 4 තුළදී පමණක් අමෙරිකානු ඩොලර් 24 කෝටි 40 ලක්‍ෂයක ආධාර ලබාගැනීමේ ගිවිසුම්වලට
ශ්‍රී ලංකාව අත්සන් තබා ඇතැයි මුදල් අමාත්‍යංශය කියයි. ඉන් ඩොලර් 17 කෝටි 40 ලක්‍ෂයක් ණය ගිවිසුම් වෙයි. ඉතිරිය ඍජු ප්‍රදාන ලෙස ලැබේ. ද්විපාර්ශවීය හා බහුපාර්ශවීය වශයෙන් එම ආධාර ලැබෙනු ඇත. ඉන් වැඩිම ආධාර ප්‍රමාණයක් ලබාදී ඇත්තේ ලෝක බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනයයි. වටිනාකම ඩොලර් කෝටි 12 කි. ලැබුණු ආධාරවලින් වැඩි ප්‍රමාණයක් යොදවන්නේ කෘෂිකර්ම අංශයේ සංවර්ධනය සදහායි.

විශේෂාංග පුවත්

 

විදෙස් පුවත්