Sri Lanka Brodcasting Corporation

Tue08222017

Last updateMon, 21 Aug 2017 9pm

දේශීය පුවත්

ඓතිහාසික ඇසළ මහා පෙරහැර සාර්ථකව නිම කළ බවට සංදේශය ජනපතිට පිළිගන්වයි.

ඓතිහාසික මහනුවර ඇසල මහා පෙරහර සාර්ථකව නිම කළ බවට සංදේශය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාට පිළිගැන්වෙයි.  ඊයේ පස්වරුවේ පෙරහරින් ජනපති මැඳුර වෙත පැමිණි ශ්‍රි දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල මහතා ඇතුඑ සතර මහා දේවාලවල සහ පිටිසර දේවාලවල නිලමේවරුන් ප්‍රධාන දොරටුව අභියසදී ජනාධිපතිතුමා විසින් පිලිගන්නා ලදි.

අනතුරුව දියවඩන නිලමේ නිලංග දෑල මහතා විසින් සංදේශය සාම්ප්‍රදායානුකූලව ජනාධිපතිතුමාට පිළිගන්වන ලදි. එහි පැවති උත්සව සභාව අමතූ ජනාධිපතිතුමා රටක සංස්කෘතිය. සම්ප්‍රදාය මෙන්ම සිරිත් විරිත් නීතියට සහ බලයට වඩා ප්‍රබල බව සඳහන් කලේය.  ලොව කිසිඳු රටක නොමැති අභිමානවත් සංස්කෘතියකට සහ ශිෂ්ටාචාරයකට ශ්‍රි ලාංකීක ජනතාව උරුමකම් කියති.

එම හර පද්ධතින් රැකගනිමින් යහපත් සාමකාමි දේශයක් ගොඩනැගිමට සියලුදෙනා කැපවිය යුතු බව ද ජනාධිපතිතුමා එහිදි පැවසිය. පෙරහරට සහභාගිවු කළා ශිල්පින්ට තිළිණ හා සම්මාන ප්‍රදානය ද ජනාධිපතිතුමා අතින් සිදුකෙරිණ.  සතර මහා දේවාලවල සහ පිටිසර දේවාලවල සංරක්ෂණ කටයුතු සඳහා තිළිණ පිළිගැන්විම ද ජනාධිපතිතුමා අතින් සිදුවිය.

විශේෂාංග පුවත්

 

විදෙස් පුවත්