Sri Lanka Brodcasting Corporation

Fri05252018

Last updateFri, 25 May 2018 11am

දේශීය පුවත්

මැදවච්චිය "බර්ටි ප්‍රේමලාල් දිසානායක" නව ආර්ථික මධ්‍යස්ථානය ජනතා අයිතියට

කෘෂිකාර්මික රටක් වුවද ගොවි ආර්ථිකය නංවාලන සංවර්ධන ව්‍යාපෘති සදහා පසුගිය කාලයේ ප්‍රමුඛත්වය හිමි නොවීම හේතුවෙන් රටේ ගොවි ජනතාවගේ ගැටඵවලට විසදුම් නොලැබුණු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා කියයි. දුගී භාවය . අඩු ආදායම් තත්ත්වය . දෛනික ජිවිතයේ අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීම යන කරුණු හේතුවෙන් මෙරට ගොවි ජනතාව දැඩි පීඩාවකට පත්ව සිටිති.

ඔවුන්ගේ ජිවන තත්ත්වය ඉහල නැංවීමට මෙන්ම කෘෂිකර්මාන්තය සදහා අවශ්‍ය පහසුකම් රැසක් ලබාදීමට වත්මන් රජය බලයට පත් වීමෙන් පසුව ව්‍යාපෘති රැසක් ආරම්භ කළ බව ජනාධිපතිතුමා පැවසුවේ මැදවච්චිය බර්ටි ප්‍රේමලාල් දිසානායක නව ආර්ථික මධ්‍යස්ථානය අද පෙරවරුවේ ජනතා අයිතියට පවරමිනි. නවින තාක්ෂණය සමග නව පරපුරට කෘෂිකාර්මික ක්‍ෂේත්‍රයේ ඉදිරියට යාමට අවශ්‍ය පසුබිම සකසා දීමට රජය ක්‍රියා කරමින් සිටී.

රටේ හා සමාජයේ දියුණුවට අවශ්‍ය වන්නේ ස්වශක්තියෙන් ගොඩනැගෙන ජීවන රටාවක් හා ආර්ථිකයක් මත සකස් කර ගන්නා සැලසුම් බවද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. රජරට ගොවි ජනතාවගේ ජල ගැටඵව නිමා කිරීම සදහා බාධක රැසක් මධ්‍යයේ මොරගහකන්ද ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරිණි. එම ව්‍යාපෘතිය සමග අනුරාධපුරය .හා පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් වයඹ පළාතේත් වැව් 600 පිළිසකර කෙරේ. එමගින් එම ප්‍රදේශවල ගොවි ජනතාවගේ ජල ගැටඵවට විසදුම් ලැබෙන බව ජනාධිපතිතුමා පැවසීය.


උතුරුමැද පළාත් සභාව රුපියල් හාරකෝටි අසු ලක්ෂයක වියදමින් ඉදිකළ මෙම ආර්ථික මධ්‍යස්ථානය වෙලෙද කුටි 28 ක් . පරිපාලන ගොඩනැගිල්ලක් ඇතුඵ සියලු පහසුකම්වලින් සමන්විතයි. මැදවච්චිය ඉසිපතන මහා විද්‍යාලය නිල වශයෙන් සිසු අයිතියට පැවරීම ද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද සිදු විය.

විශේෂාංග පුවත්

 

විදෙස් පුවත්