Sri Lanka Brodcasting Corporation

Tue08222017

Last updateMon, 21 Aug 2017 9pm

දේශීය පුවත්

ශ්‍රී ලංකා අමරපුර මහ නිකායේ මහානායක පදවිය පිළිබඳ සන්නස් පත්‍රය පිළිගැන්වීම

ශ්‍රි ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක පදවියෙන් පිදුම් ලැබු අග්ගමහා පණ්ඩිත අතිපුජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහනායක ස්වාමින් වහන්සේට ඒ පිළිබද සන්නස් පත්‍රය පිලිගැන්විමේ මහෝත්සවය කොළඹ නිදහස් මන්දිරයේදී අද පස්වරුවේ පැවැත්විණි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන ආරාධිතයෝ ලෙස එම අවස්ථාවට එක්වුහ. ජනාධිපතිතුමා. අදාළ සන්නස් පත්‍රය මහානායක ස්වාමින් වහන්සේට පිළිගැන්වු අතර විජිනිපත උන්වහන්සේට පිළිගැන්වුයේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාය.
අතිපුජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහානායක ස්වාමින් වහන්සේද එහිදී අනුශාසනාවක් කළහ. ත්‍රෛනිකායික මහානායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝ රත්නය එම අවස්ථාවට වැඩම කර සිටියහ. බුද්ධශාසන ඇමති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඇතුලු මැති ඇමතිවරු ද ඊට සහභාගී වුහ.

විශේෂාංග පුවත්

 

විදෙස් පුවත්