Sri Lanka Brodcasting Corporation

Sun01212018

Last updateSun, 21 Jan 2018 8pm

දේශීය පුවත්

ජ්‍යෙෂ්ඨ ලේඛක ප්‍රණාම උළෙල ජනපති ප්‍රධානත්වයෙන්

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව හා සීමාසහිත එස්. ගොඩගේ සහ සහෝදරයෝ පුද්ගලික සමාගම එක්ව සංවිධාන කළ ජ්‍යෙෂ්ඨ ලේඛක ප්‍රණාම සම්මාන උළෙල සංස්ථා කුමාරතුංග මැදිරියේදී අද පස්වරුවේ පැවැත්විණ. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ප්‍රධාන ආරාධිතයා ලෙස ඊට එක්විය.

දේශිය සාහිත්‍යයට විශිෂ්ඨ සේවාවක් කළ ජ්‍යෙෂ්ඨ ලේඛක-ලේඛිකාවන් 15 දෙනෙකුට මුදල් ත්‍යාග හා සම්මාන පිරිනැමිම එහිදී සිදවිය. පුජ්‍ය ගංතලාවේ ශ්‍රි ගුණානන්ද ස්වාමින්වහන්සේ. සුගතදාස මලල්ගොඩ. මහචාර්ය බන්දුසේන ගුනසේකර. ඇතිරියගල ඒකානායක. මහාචාර්ය මංගල ඉලංගසිංහ. සදරුවන් ලොකුහේවා. කුසුම් දිසානායක. සරෝජිනී දේවි අරුණාචලම්. ජීන් අර්සනායගම්. චන්ද්‍රසිරි දොඩංගොඩ. ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහ. රූපා අමරසේකර. අල් අසුමාල්. ටී ඥානසේකරන්. සහ එච් බී ආර් වෑන්ගන්තලේ යන මහත්ම මහත්මීහු එහිදි සම්මාන ලැබුහ.


මෙහිදි අදහස් දැක්වූ ගුවන් විදුලි සංස්ථාවේ සභාපති නීතිඥ සුදර්ශන ගුනවර්ධන මහතා පැවසුවේ මෙරට අභිමානනීය ගෞරවනිය මෙන්ම පැරණිතම විද්යුත් මාධ්‍ය ආතනය ලෙස ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාවට සමාජ වගකීමක් තිබෙන බවයි. රටේ සංස්කෘතිය. සාහිත්‍ය සම්ප්‍රදාය ආරක්ෂා කරගනිමින් ඉදිරියට යා යුතුය. ජාතික ගුවන් විදුලිය අති විශාල සමාජ මෙහෙවරක් ඉටුකරන බව සභාපතිවරයා පැවසිය. සාහිත්‍ය පිළිබූඳව ජනතාව තුල උනන්දුව අඩුවී ඇති යුගයක එය දිරිගැන්නවීම වැදගත් වේ.

ඒ සඳහා ගොඩගේ සමාගම ජාතික ගුවන් විදුලිය හා එක්ව කටයුතු කිරීම සභාපතිවරයාගේ ඇගයිමට ලක්විය. අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය වත්මන් ්රජය යටතේ තහවුරු වි තිබේ. රට නිදහස් යුගයකට පැමිණ ඇත. ඒ සඳහා ජනාධිපතිතුමා නායකත්වය ලබාදුන් බව සභාපතිවරයා කිය. ජාතික ගුවන් විදුලිය ජාතික සංහිඳියාව ගොඩනැගීමට ක්‍රියා කරන බව ද හෙතෙම පැවසිය. නියෝජ්‍ය ඇමති ලසන්ත අලගියවන්න. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර් එස් එච් සමරතුංග. සංස්ථා අධ්‍යක්ෂ ජනරාල් ඒරානන්ද හෙට්ටිආරච්චි. ක්‍රියාකාරි අධ්‍යක්ෂ ධනුෂ්ක රාමනායක යන මහත්වරු ඇතුඑ පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුහ.

විශේෂාංග පුවත්

 

විදෙස් පුවත්