Sri Lanka Brodcasting Corporation

Tue08222017

Last updateMon, 21 Aug 2017 9pm

දේශීය පුවත්

ව්‍යවස්ථාවේ බුදුදහමට ඇති ප්‍රමුඛතාව වෙනස් නොකරන බව අගමැති කියයි.

ව්‍යවස්ථාවේ බුදුදහමට ඇති ප්‍රමුඛතාව කිසිසේත් වෙනස් නොකරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිතුමත් තමාත් එක්සත් ජාතික පක්ෂය හා  ශ්‍රි ලංකා නිදහස් පක්ෂයත් ව්‍යවස්ථාවේ බුද්ධාගමට ඇති ප්‍රමුඛස්ථානය ඒ අයුරින්ම තබාගැනිමට තිරණය කර ඇති බව ඔහු මන්නාරමේ එලුදුර් ප්‍රදේශයේ ජලයෝජනා ක්‍රමය විවෘත කරමින් කිවේය. ආර්ථිකය විනාශවුයේ යුද්ධය නිසාය. යුද්ධය ඇතිවුයේ ජාතිවාදය හේතුවෙනි. එමගින් ත්‍රස්තවාදය හා බෙදුම්වාදය ඇතිවිය. එබැවින් මේ සදහා විසදුමක් දියයුතු වෙයි.

යුද්ධය නිමා වුවද ප්‍රශ්ණය අවසන් වුයේ නැත. ත්‍රස්තවාදය පමණක් අවසන් වුවත් ජාතිවාදය තවත් වැඩිවිය. එම නිසා අප විපක්ෂයේ සිටියදි ජනතා විමුක්ති පෙරමුණ. ද්‍රවිඩ සංවිධානය හා අනෙකුත් සුලු ජාතික පක්ෂ සමගද මේ ප්‍රශ්ණය විසදා ගැනිම සදහා සාකච්ඡා කල බව අගමැතිවරයා පෙන්වා දුන්නේය. වර්තමානේයේදි ක්‍රියාකලයුතුව ඇත්තේ සංහිදියාව ගොඩනැගිමටයි. ජාත්‍යන්තරය එම කටයුතු සදහා උදව් කරමින් සිටි. ඉන්දියාව . ජපානය .චිනය. ඇමරිකාව ඇතුල සැම රටක්ම විශාල ලෙස දැන් උදව් කරන අතර ඒ ඔස්සේ රට ඉදිරියට යන බව වික්‍රමසිංහ මහතා කිය.  මෙහිදි දේශපාලන විසදුමක් ලෙස ව්‍යවස්ථාවක් සකස් කරන අතර ඒ සදහා පාර්ලිමේන්තුව ව්‍යාවස්ථාදායක සභාවක් ලෙස කටයුතු කරයි. ගැටලු විසදිය හැකි ව්‍යවස්ථාවක් ඉදිරිපත් කර දේශපාලන විසදුම පදනම් කරගෙන සංවර්ධනය ඇතිකරන බව අගමැතිවරයා පැවසිය.රජයට ලැබුණු ජනවරමට පිටුපෑ නොහැකි බව කි අගමැතිවරයා එම වරම අනුව නව ව්‍යවස්ථාව සකස් කරන බව අවධාරනය කලේය..

විශේෂාංග පුවත්

 

විදෙස් පුවත්