Sri Lanka Brodcasting Corporation

Tue12122017

Last updateTue, 12 Dec 2017 1pm

දේශීය පුවත්

සංවර්ධනය උදෙසා සැලසුම්සහගත නව වැඩපිළිවෙලක් මේ සතියේ සිට ආරම්භ කරන බව ජනපති කියයි.

 

 

කුමන අභියෝග හා විවේචන එල්ල  වුවද රට සහ ජනතාව  වෙනුවෙන් සුබවාදි ගමනක් යා හැකි බව ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා කියා සිටි.  ස්වාධීන රූපවාහිනි සේවය සමග  සම්මුඛ සාකච්ඡාවකට  සහභාගි වෙමින්  ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ මාධ්‍ය ආයතන වෙත ලබාදි ඇති   නිදහස සදාචාරාත්මකව  භුක්ති විදිමේ වගකීමක් එම ආයතන සතු බවයි.   නිදහස ලබාදුන්  අය විනාශ කිරිම සදහා එම නිදහස  පාවිච්චි කිරිම  යෝග්‍ය දැයි යන්න ඔවුන් වටහා ගත යුතුය. 2015  ජනවාරි  08 වැනිදාට පෙර මෙරට මාධ්‍යවේදින්ට හා මාධ්‍ය ආයතන වලට තිබු නිදහස පිළිබඳව  සැමට මතක ඇති බව  ජනාධිපතිතුමා එහිදි පැවසිය.   ජනාධිපති අපේක්ෂකයා  වශයෙන් තමාගෙන් ජනතාව අපේක්ෂා කළ  බොහෝ දේ  අතරින් යම් ප්‍රමාණයක්  ඉටු කිරිමට හැකිව තිබෙ.්  මාධ්‍ය  සදහා නිදහස ලබාදිම   ඒ අතරින් ප්‍රධානය.    පසුගිය  පවුල්වාදි පාලනය සමයේ  වංචාව දූෂණය  ඉහවහා ගොස් තිබිණ.  පවුලේ අයට හැර  රජයේ මැති ඇමතිවරුන් ඇතුඵ අන් අයට අපවාද එල්ල කිරිමට  උපදෙස් දී තිබු බව ද ජනාධිපතිතුමා එහි දි කියා සිටියේය .   එල්ටිටිඊ සංවිධානය යුදමය  වශයෙන් පරාජය කළද ඔවුන්ගේ  ජාත්‍යන්තර ජ ාලය විදේශ රටවල  ක්‍රියාත්මක විය.   ඔවුන් විසින් බලගතු රාජ්‍යයන් අප රටට එරෙහිව කටයුතු කිරිමට පොළඹවන ලදි.   රට ගැන වැරදි ප්‍රතිරූපයක් ඔවුන් විසින්  ජාත්‍යන්තරය තුල ගොඩ  නගා තිබිණ. හිටපු ජනාධිපතිවරයා හදිසි ජනාධිපතිවරණයකට යොමු වුයේ  ඉන් ඉදිරියට  රට ගෙනයාමට  නොහැකි නිසා බව යැයි ජනාධිපතිතුමා සදහන් කළේය. එහෙත් මේ වනවිට  ජි.එස්.. පී. බදු සහනය යුරෝපයට මත්ස්‍ය අපනයනය කිරිමේ හැකියාවද  ලැබී  තිබේ. නව රජය ගෙනයන වැඩපිළිවෙල සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ ඇති පැහැදිම ඊට හේතුව බව ද ජනාධිපතිතුමා සදහන් කළේය. කැළිකසල  ගැටඵව පිළිබඳව අදහස් දැක් වූ ජනාධිපතිතුමා  සෞඛ්‍යය.  පරිසර ආයතන .  විදුහල්පතිවරුන් .  රාජ්‍ය නිලධාරින් සම්බන්ධ  කර ගනිමින්  ඊට විසදුමක් ලබාදිමට කටයුතු කරන බව පැවසිය .   රජය ජාතික ප්‍රතිපත්තියක් මත  කටයුතු කරමින් සිටි.  ඉදිරි වසර කිහිපය තුළ සැලසුම්සහගත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරිමට නියමිතයි.   එම වැඩසටහන මේ සතියේ  ආාරම්භ කරන බව ද ජනාධිපතිතුමා සදහන් කළේය.

විශේෂාංග පුවත්

 

විදෙස් පුවත්