Sri Lanka Brodcasting Corporation

Thu10192017

Last updateWed, 18 Oct 2017 6pm

දේශීය පුවත්

නිසිලෙස කසල බැහැර නොකරන පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පළාත් පාලන අමාත්‍යංශය පවසයි.

 

සමස්ත ජනතාව පරිසර සංරක්ෂණය සහ විධිමත් කසල කළමනාකරණයට ප්‍රමුඛකත්වය දිය යුතු බව ජනාධිපති කාර්යාසාධන බලකායේ අධ්‍යක්ෂ වෛද්‍ය උපාලි ඉන්ද්‍රසිරි මහතා පවසයි. කසල බැහැර කිරීමේ ක්‍රමවේදයේ පවතින අඩුපාඩු හේතුවෙන් ගැටඵ රැසක් මතුව තිබේ. එය ඩෙංගු වසංගතයට ප්‍රධාන හේතුවකි. කසල ගැටඵවට සාර්ථකව මුහුණදීමට ජනතාවගේ පුර්ණ සහයෝගය අත්‍යවශ්‍ය බව ඔහු පැවසුවේ ජාතික ගුවන් විදුලියේ සුභාරති සංවාද මණ්ඩපයට එක්වෙමිනි. කසල කළමනාකරණය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක්ද ආරම්භ කර ඇතැයි ද ඔහු පැවසීය.
මධ්‍යම පරිසර අධිකාරියේ පිළිසරු ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ බන්දුල සරත්කුමාර මහතා පැවසුවේ ජනාධිපතිතුමාගේ නියෝගයෙන් කසල කළමනාකරණය සම්බන්ධයෙන් වන තීන්දු තීරණ රැසක් ක්‍රියාත්මක කර ඇති බවයි. නිසිපරිදි කසල බැහැර කිරීමේ වගකීම ජනතාව සතුවන බවද සරත්කුමාර මහතා පෙන්වා දුන්නේය. නිසිලෙස කසල බැහැර නොකරන පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට සිදුවන බව පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යංශයේ ලේකම් කමල් පද්මසිරි මහතා පවසයි. බහුතර ජනතාවගේ සහාය ඊට ලැබුනද අතළොස්සක්වු පිරිසක් එම ක්‍රියාවලියෙන් බැහැරව කටයුතු කිරීම ගැටඵවක්වී තිබේ. සියලු දෙනාගේ සහාය ලැබෙන්නේ නම් ඊට කඩිනම් විසදුම් ලබාදිය හැකි බවද ඔහු පෙන්වා දෙයි.

විශේෂාංග පුවත්

 

විදෙස් පුවත්