Sri Lanka Brodcasting Corporation

Fri10202017

Last updateFri, 20 Oct 2017 10am

දේශීය පුවත්

ජාතින් අතර සංහිදියාවට හානි වන සිද්ධින් සම්බන්ධයෙන් කෙරෙන විමර්ෂණ සාර්ථකයි ........ පොලිසියෙන් ප්‍රකාශයක්.

 

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තාවු ජාතින් අතර සංහිදියාවට හානි වන සිද්ධින් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ෂණ වලදී සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට හැකිවී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පවසයි. පානදුර එඵවිල් ප්‍රදේශයේ සිදුවු සිද්ධියකට සම්බන්ධව ප්‍රධාන සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 30 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකර තිබේ. කුරුණැගල ප්‍රදේශයේ සිද්ධින් කිහිපයක් සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. එම විමර්ෂණවලදී හෙලිවී ඇත්තේ අදාල සිදුවීම්වලට බොදුබල සේනා සංවිධාන ක්‍රියාකාරීන් සම්බන්ධව බවයි. සමාජජාල වෙබ් අඩවි මගින් ජනතාව කුපිත කරවන ජාතීන් සහ ආගම් අතර අසමගිය ඇති කරන පුද්ගලයන්ට මෙන්ම ආගමික නායකයන්ට අපහාස වන සටහන් තබන පුද්ගලයන්ට ද එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

විශේෂාංග පුවත්

 

විදෙස් පුවත්