Sri Lanka Brodcasting Corporation

Sun12172017

Last updateSun, 17 Dec 2017 1pm

දේශීය පුවත්

සයිටම් ආයතනයට එරෙහිවීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට සාදාචාරාත්මක අයිතියක් නැහැ. -නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන

සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගැනීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට කිසිදු සදාචාරාත්මක අයිතියක් නැතැයි නියෝජ්‍ය ඇමති කරුණාරත්න පරණවිතාන මහතා කියයි. එම වෛද්‍ය විද්‍යාලය ආරම්භ කරන අවස්ථාවේ දී ශ්‍රී ලංකා වෛද්‍ය සභාව හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊට විරුද්ධත්වය පළකලේ නැත. කොතලාවල වෛද්‍ය පීඨය පිහිටුවන අවස්ථාවේ දී ඔව්හු ඊට අනුමැතිය ලබා දුන්හ.

සයිටම් ප්‍රශ්නයට අවශ්‍ය වන්නේ විකල්ප විසදුමක් බව නියෝජ්‍ය ඇමතිවරයා කියයි. එය සියලු පාර්ශවවලට සාධාරණය ඉටුවන විසදුමක් විය යුතුය. එවැනි විසදුමකට එකග වන්නේ නැතිව අලුතින් යෝජනා ඉදිරිපත් කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිදුකරන්නේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් නොව රාජ්‍ය විරෝධී දේශපාලනයක් බව නියෝජ්‍ය ඇමතිවරයා කියයි. එම ක්‍රියාකලාපයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය බහුතරයක කැමැත්ත පලවී නැත.

විශේෂාංග පුවත්

 

විදෙස් පුවත්