Sri Lanka Brodcasting Corporation

Tue12122017

Last updateTue, 12 Dec 2017 1pm

දේශීය පුවත්

සයිටම් ගැටළුව විසඳීමට ප්‍රතිපත්තිමය තින්දු රැසක් ගෙන ඇති මොහොතක දේශපාලන අවශ්‍යතා අනුව වැඩවර්ජනවල නිරතවීම පිළිබඳව ජනාධිපතිතුමා කනගාටුවට පලකරයි.

සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පදනම් කරගනිමින් නිර්මානය වු ගැටළු නිරාකරණයට වගකිව යුතු රජයක් ලෙස ප්‍රතිපත්තිමය තීන්දු තිරණ රැසක් ගෙන ඇති අවස්ථාවක දේශපාලන න්‍යාය පත්‍ර අනුව කටයුතු කරමින් ඇතැම් පිරිස් වැඩවර්ජනවල නිරතවීම පිළිබඳව තමා සැබවින්ම කනගාටු වන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පවසයි. අනුරාධපුරයේ ඊයේ (05) පැවති උත්සවයකට එක්වෙමින් එතුමා ඒ බව සඳහන් කලේය. 

දේශපාලන අතකොලු බවට පත්නොවී තමන්ගේත් රටේත් අනාගතය වෙනුවෙන් තම අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්නැයි ජනාධිපතිතුමා සියලු වෛද්‍ය පීඨ සිසුන්ගෙන් ඉල්ලා සිටියේය.  රටේ අධ්‍යාපනයේදි කිසිඳු දරුවෙකුට අසාධාරණයක් සිදුවීමට තමා ඉඩ නොදෙන බවට එතුමා සහතික විය.  සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිළිබඳ ගැටඑ රැසකට රජය මේ වන විට විසූඳුම් ලබාදි අවසන්ය.  එහි සිසුන් සඳහා සායනික පුහුණුව අනිවාර්යය කිරීම. ශ්‍රි ලංකා වෛද්‍ය සභාව සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම අනුමත කරන පරීක්ෂණයකට පෙනී සිටිම අනිවාර්යය කිරීම. වෛද්‍ය උපාධියට අවම සුදුසුකම් නිවේදනය කිරිම. අදාල පෞද්ගලික රෝහල් රජයට පවරා ගැනිම.

තනි පුද්ගලයෙකු සතුව තිබූ ආයතනය සමුහීක ව්‍යාපාරික ආයතනයක් බවට පත්කිරිම. ආයතනයේ පරිපාලනය රජය නිර්දේශ කරන පාලක මණ්ඩලයක් යටතට පත්කිරිම ඇතුඑ පියවර රැසක් ඒ යටතේ ගෙන තිබේ.  දේශපාලන අවශ්‍යතා අනුව සිදුකෙරෙන වැඩවර්ජන වලින් පිඩාවට පත්වන්නේ වරප්‍රසාද ලක් පංතිය නොව රටේ අහිංසක පොදු මහජනතාව බව පෙන්වා දුන් ජනාධිපතිතුමා ගැටඑවක් ඇත්නම් රජය සමග සාකච්ඡා කිරීමේ අවස්ථාව ඕනෑම වෘත්තීය සමිතියකට ඇති බව සඳහන් කලේය  සමස්ථ ලෝකවාසී බෞද්ධ ජනතාවටම බෞද්ධ දර්ශනය පිළිබඳ උතුම් පණිවුඩයක් ලබාදෙමින් එක්සත් ජාතීන්ගේ වෙසක් දින සමරු උළෙල අති උත්කර්ශවත් අන්දමින් මෙවර ශ්‍රි ලංකාවේදි පැවැත්විමට සියලු කටයුතු සුදානම් කර තිබේ  එවන් අවස්ථාවක පොදු ජනතාවගේ ජන ජීවිතය අඩාල කරමින් හා රට නොසන්සුන් කරමින් වෛද්‍යවරුන්ගෙන් කොටසක් සහ වෘත්තීයස මිති කිහිපයක් වැඩවර්ජනවල නිරතවීම ඉතාමත් කනගාටුදායක බව ජනාධිපතිතුමා පැවසීය

ජාත්‍යන්තර වෙසක් දින උළෙලේදි සමාරම්භක උත්සවයට සහභාගී වීම සඳහා ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා දිවයිනට පැමිණෙන අවස්ථාවේ කලු කොඩි ඔසවන්නැයි ඇතැමුන් කළ ඉල්ලීම සිහිපත් කළ ජනාධිපතිතුමා ශ්‍රි ලංකාවට බුදුදහම රැගෙන ඒමේ සිට පවතින ඉන්දු ශ්‍රි ලංකා සබඳතා ශක්තිමත් ඉදිරියට ගෙනයාම යුන මව්බිම ඉන්දියාවට යටතේ කිරිමක් නොවන බව අවධාරණය කලේය  මව්බිමට අවාසිදායක කිසිඳු ගිවිසුමකට කිසිඳු රටක් සමග අත්සන් නොතබන බවට එතුමා යළි සහතික විය.  තමන් බලයට පත්වුයේ රටෙන් කොටසක් තවත් රටකට ලබාදීමටවත්. විදේශයන් සමග රටට අහිතකර ගිවිසුම්වලට අත්සන් තැබා ජනතාවගේ වරප්‍රසාද සහ අයිතිවාසිකම් අහිමිකිරීමටවත් නොවන බව ජනාධිපතිතුමා අවධාරණය කලේය  අනුරාධපුර උතුරු මැද පළාත්සභා සංකීර්ණ පරිශ්‍රයේ ඉදිකළ අභිනව බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරිම නිමිත්තෙන් උත්සවයපැවැත්විණි.  අභිනව බුද්ධ ප්‍රතිමාවහන්සේ සඳහා ප්‍රථම මල් පුජාව සිදුකර ආගමික වතාවත්වල නිරතවු ජනාධිපතිතුමා මහා සංඝරත්නයේ සියක් නමක් උදෙසා පැවති දානමය පිංකමට ද සහභාගි විය.  රුවන්වැලි සෑ විහාරාධිපති පුජ්‍ය පල්ලේගම හේමරතන නායක ස්වාමින්වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද මැති ඇමතිවරු රැසක් ද එම අවස්ථාවට එක්ව සිටියහ.

මේ අතර තමන්කඩුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලය සඳහා රුපියල් අට කෝටි හැත්තෑ ලක්ෂයක විදයමින් ඉදිකළ නව පරිපාලන ගොඩනැගිල්ල විවෘත කිරිම ද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ සිදුවිය.

විශේෂාංග පුවත්

 

විදෙස් පුවත්