Sri Lanka Brodcasting Corporation

Sun04222018

Last updateSun, 22 Apr 2018 2pm

දේශීය පුවත්

රට වටා අවුරුදු සජීවි වැඩසටහන මෙවර ද ශ්‍රාවකයන් වෙත ගෙනඒමට ජාතික ගුවන් විදුලිය සුදානම්

මෙවර අලුත් අවුරුදු උදාව සිකුරාදා අලුයම 02 04 ට යෙදි තිබේ. හෙට පස්වරු 07 40 සිට සිකුරාදා පෙරවරු 08 28 දක්වා පුන්‍යකාලයයි. අලුත් අවුරුද්දේ ආහාර පිසිමේ නැකත සිකුරාදා අලුයම 05 41 ට යෙදි තිබේ . රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසි උතුරු දිසාව බලා ලිප් බැද ගිනි මොලවා ගිතෙල් හා හකුරු මිශ්‍ර කිරිබතක්ද අග්ගලා සහ තවත් කැවිලි වර්ගයක්ද පිලියෙල කරගැනිම මැනවැයි ජොතිෂ්‍යයේ සදහන් වෙයි. අලුත් අවුරුද්දේ ආහාර අනුභව නැකැත යෙදි ඇත්තේ සිකුරාදා පෙරවරු 07 05 ටයි. සුදු සහ නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසි උතුරු දිසාව බලා වැඩ අල්ලා ගනුදෙනු කර ආහාර අනුභවය මැනවයි. ජෝතිෂ්‍යයේ දැක්වෙයි.

ජාතික ගුවන් විදුලිය මෙවර ද රට වටා අවුරුදු සජීවී වැඩසටහන ශ්‍රාවකයන් වෙත ගෙනඒමට විධිවිධාන යොදා තිබේ. ලබන සිකුරාදා අඑයම හතරේ සිට පෙරවරු 08.30 දක්වා සිංහල ස්වදේශිය සේවය හා සියලුම ප්‍රාදේශිය සේවා ඒකාබද්ධව එම වැඩසටහන ප්‍රචාරය කෙරේ. කථානායක කරූ ජයසුරීය මහතාගේ කොළඹ පෞද්ගලික නිවසේ සිට සහ කරන්දෙණිය. අනුරාධපුර වන්නම්මඩුව. යාපනය මිසාලෛයි. උකුවෙල හා කුරුණෑගල යන ප්‍රදේශවල සිට එම වැඩසටහන ප්‍රචාරය කෙරෙනු ඇත.

විශේෂාංග පුවත්

 

විදෙස් පුවත්